ජවිපෙ එකම අභිප්‍රාය වර්ජන පිටුපස සිට රට අස්ථාවර කිරීම බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි

ජනතා විමුක්ති පෙරමුණේ එකම අභිප්‍රාය වැඩවර්ජන වලට මුවා වී රට අස්ථාවර කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි.

මින් පෙරද ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන වාසි අපේක්ෂාවෙන් රට අස්ථාවර කිරීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළ බව ඒ මහතා පැවසීය.

අද වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම්කිසි සුබවාදී මට්ටමක පවතින බව ද ඒ හේතුවෙන් රට අස්ථාවර කිරීම ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂාව වී තිබෙන බව ද ඒ මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ වැඩවර්ජනයේ නිරතව සිටින වෘත්තීය සමිති කිහිපයක ඉල්ලීමට අනුව රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 20,000ක වැටුප් වැඩිකිරීමක් සිදුකරන්නේ නම් වසරකට රුපියල් කෝටි 40,000ක (බිලියන 400ක) අතිරේක වැයබරක් දැරීමට මහා භාණ්ඩාගාරයට සිදුවන බව මහතා පෙන්වා දෙන ලදි.