න්‍යෂ්ටික යුද්ධයට රුසියාව සූදානම් – පුටින් අනතුරු අඟවයි

රුසියාව තාක්ෂණික වශයෙන් න්‍යෂ්ටික යුද්ධයට සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

අමෙරිකාව යුක්‍රේනයට තම හමුදා එවීමට එකගවුවහොත් එමගින් යුද්ධය සැලකිය යුතු ලෙස වැඩිවිය හැකි බවද ඔහු පැවසා තිබෙනවා.   

න්‍යෂ්ටික යුද්ධයක් සඳහා වාතාවරණය ඇති කිරීමට ඔහු කඩිනම් නොවන බවත් යුක්‍රේනයේ පවතින ගැටුම් සඳහා න්‍යෂ්ටික අවි භාවිත කිරීමේ අවශ්‍යතාවයක් තමා නොදකින බව රුසියානු ජනාධිපතිවරයා සදහන් කරනවා.

ඔහු මේ බව පවසා ඇත්තේ රුසියානු මැතිවරණය මාර්තු 15-17 අතර කාලයේදී පැවැත්වීමට නියමිතව තිබියදීය.

එමගින් ඔහුට වසර 6ක් සඳහා බලය ලැබෙයි.

අමෙරිකාව යුක්‍රේනයට හමුදාව එව්වොත් එය රුසියාවේ කටයුතු වලට අත පෙවීමක් ලෙස තමන් සලකන බවයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වැඩිදුරටත් පවසා ඇත්තේ.

ලොව බලවත්ම න්‍යෂ්ටික බලය සහිත රට වන්නේ රුසියාව ය.