Westbury Suites සමාගම Westbury Residencies Colombo 10 විවෘත කරයි

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම පසුගියදා ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies – Colombo 10 විවෘත කළේය.

එය කොළඹ නගර සීමාව තුළ නිසංසල සහ සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට අපේක්ෂා කරන ඕනෑම අයෙකුට වඩාත් සුදුසු වටපිටාවක පිහිටි මහල් නිවාස සංකීර්ණයකි.