ලොව විශාලම ගුවන්තොටුපළ ඩුබායි නගරයේ ඉදිවෙයි

වාර්ෂිකව ගුවන් මගීන් මිලියන 260 ක් මෙහෙයවිය හැකි ලොව විශාලතම ගුවන්තොටුපළ ඩුබායි නගරයේ ඉදිකිරීම ආරම්භ කළ බව ඩුබායි නගරයේ පාලකයා වන ෂික් මොහොමඩ් බින් රෂිඩ් අල් මැක්ටවුම් විසින් ඊයේ (29දා) නිවේදනය කර තිබේ.

ඩොලර් බිලියන 34.85 ක වියදමින් දැනට ඩුබායි වර්ල්ඩ් සෙන්ට්‍රල් නමින් හැඳින්වෙන අල් මැක්ටවුම් ජාත්‍යන්තර ගුවන්තොටුපළ මෙසේ ලොව විශාලතම ගුවන්තොටුපළ ලෙස සංවර්ධනය කෙරෙන අතර මෙම ගුවන්තොටුපළ ගේට්ටු 400කින් හා ගුවන් ධාවන පථ 5කින් සමන්විත වන බව වාර්තා වේ.