පාර්ලිමේන්තු කප් එකත් රනිල්ට

ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිව ඇත.ජනපතිවරයා වසර 42කුත් මාස 09කට වැඩි කාලයක් මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ.

දෙවනුවට වැඩිම කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත්තේ හිටපු ඇමැති හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා වන අතර ඔහු වසර 39කුත් මාස 07ක කාලයක් මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටී.