මරණ පරීක්ෂණයකදී කළ යුතු දේ ගැන නිකවැරටියේ පොලිස් නිලධාරීන්ට උපදෙස්

මරණයක් සිදු වූ අවස්ථාවකදී නිසියාකාර ලෙස මරණ පරීක්ෂණයට අදාළව කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව නිකවැරටිය පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් නිකවැරටිය මූලස්ථාන පොලිසියේදී පැවැත්විණ.

සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් රංජිත් ධර්මසිරි මහතා විසින් නිකවැරටිය පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථාන 16හි පොලිස් නිලධාරීන් 135 දෙනකු මෙලෙස දැනුම්වත් කර තිබේ.