සහනාධාර යටතේ ගොවීන්ට පැරෂුට්

2024 මහ කන්නයේ දී ගොවීන් 4000කට රුපියල් ලක්ෂ 40ක් වටිනා පැරෂුට් තැටි සියයට 25ක සහනාධාර පදනම යටතේ ලබා දීමට කටයුතු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.