බළපිටිය ප්‍රාචීන භික්ෂු විද්‍යාලය රජයේ අනුග්‍රහයක් නැතුව සිදු කරන අනගි සේවාව අගය කරන බව දකුණු පළාත් ආණ්ඩුකාර ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන පවසයි

රජයේ අනුග්‍රහයක් නොමැතිව පවත්වාගෙන යන මෙම විද්‍යාලයෙන් වන අනගි සේවාව අගය කරනවා.  අමරපුර නිකාය බිහිවුණේද රාජ්‍ය අනුග්‍රහයක් නැතුවයි. ඉංග්‍රීසි ආණ්ඩුවට පසුව අමරපුර නිකාය පිළිගන්න සිදු වුණා.  බුද්ධ ශාසනයට මෙම ආයතනයෙන් සිදුවන්නේ අතිවිශාල සේවාවක් මෙන්ම කාලීන අවශ්‍යතාවයක්.

ඒ මහතා මේ බව 2024 වසර සඳහා  බළපිටිය වැලිතර මහා කප්පින වලව්ව විහාරස්ථ ප්‍රාචීන භික්ෂු විද්‍යාලයට නවක ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා බඳවා ගැනීම නිමිත්තෙන් 03 වැනිදා සවස පැවැති උත්සවයක් අමතමින් සඳහන් කෙරින.