කතරගම ඇසළ මංගල්‍යය හෙටයි

හෙට (06 දා) ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2024 වාර්ෂික ඇසළ මංගල්‍යය ආරම්භවීමට නියමිතය.

එදින සිට දිනපතා  පෙරහැර පැවැත්වෙයි.

 අවසාන මහා පෙරහැර 21 වැනිදා වීදි සංචාරය කරයි. 22 වැනිදා අලුයම මැණික් ගඟේ දියකැපීමෙන් පසු උත්සව කටයුතු නිමාවට පත්වේ.

මේ දිනවල උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිට පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමත්හු කුමන සහ යාල වනෝද්‍යාන හරහා කතරගම පුදබිමට පැමිණෙමින් සිටිති.