ප්‍රිගොෂින් ‘දුෂ්කර ජීවිතයක් ගත කළ දක්ෂ මිනිසෙකි“ -පුටින්

බදාදා (23) මොස්කව් අසල ගුවන් අනතුරකින් මියගිය යෙව්ගනි ප‍්‍රිගොෂින් ඇතුළු 10 දෙනෙකු වෙනුවෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය ශෝකය ප‍්‍රකාශ කළේය.

ප‍්‍රිගොෂින් රුසියානු කුලී හේවා කණ්ඩායමක් වන උ්ටබැරහි ප‍්‍රධානියා විය.

පුටින්, ප‍්‍රිගොෂින් හැඳින්වූයේ ”‍දුෂ්කර ජීවිතයක් ගත කළ දක්ෂ මිනිසෙකු”‍ ලෙසය. ඔහු මේ බව පැවසුවේ රුසියාව විසින් පාලනය කරනු ලබන නැගෙනහිර යුක්රේනයේ කොටසක නායකයා වන ඩෙනිස් පුෂිලින් සමඟ අදහස් දක්වමිනි.

මොස්කව්හි ගුවන් තොටුපළකින් ගුවන්ගත වී සුළු වේලාවකින් මෙම යානය කඩා වැටී ඇති අතර එය ශාන්ත පීටර්ස්බර්ග් වෙත යමින් තිබුණි. අනතුරට හේතුව කුමක්දැයි සොයා බලන බවට ජනාධිපති පුටින් පොරොන්දු විය.

බදාදා සවස එය කඩා වැටෙන විට ප‍්‍රිගොෂින් ඇතුළු පුද්ගලයින් දස දෙනෙකු පෞද්ගලික ජෙට් යානයේ සිට ඇත. අනතුරින් මියගිය සියලූ‍ දෙනාගේ පවුල්වලට ජනාධිපති පුටින් සිය ශෝකය පළ කළේය.

නිරෝෂන් පෙරේරා