දේශපාලන විසඳුමකට සහාය ලබා දීමට සුදානම් – රුසියන් ජනපති කියයි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ආරම්භ වුණු යුද ගැටුම් අවසන් කරමින් දේශපාලන විසඳුමකට යෑමට තමන් සහාය ලබා දීමට සුදානම් යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබෙනවා.

රුසියන් ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත්තේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සමඟ දුරකතන සාකච්ඡාවකින් පසුව බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට පෙර, රුසියන් ජනාධිපතිවරයා ජනාධිපති ඊබ්‍රහීම් රයිසි, සිරියානු ජනාපධිති බෂාර් අල් අසාද්, ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී සහ පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති මොහොමඩ් අබ්බාස් සමඟ ද සාකච්ඡා කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.