චීන ආරක්ෂක අමත්‍යවරයා ධුරයෙන් ඉවතට.

චීන ආරක්ෂක අමාත්‍ය ජනරාල් ලී ෂැන්ග්ෆූ එම ධුරයෙන් ඉවත් කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂ රජය පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

65 හැවිරිදි ලී ෂැන්ග්ෆූ ධුරයෙන් ඉවත් කිරීමට පෙර පසුගිය මාස කිහිපය පුරාවට අතුරුදන්ව සිටි බව මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

එම ධුරයට පත් කරන්නේ කවුරුන්දැයි චීන රජය මෙතෙක් නිවේදනය කර නොමැති අතර මාස 3 ක කාලයක් ඇතුළත, චීන රජයේ ජ්‍යෙෂ්ඨයකු අමාත්‍යවරයකු ධුරයෙන් ඉවත් කෙරුණු දෙවැනි අවස්ථාව මෙය වනවා.

මීට පෙර, චීන විදේශ අමාත්‍ය ලෙස කටයුතු කළ 57 හැවිරිදි සිං ගැන් එම තනතුරෙන් ඉවත් කළා.