ඩාලි නෞකාවේ නාවිකයින් 21 තවමත් නැව ඇතුලේ

බොල්ටිමෝර්හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටී සතියකට ආසන්න කාලයක් ගත වී ඇත.

අනතුරට ලක්වූ නෞකාවේ නාවිකයින් 21 දෙනෙක් තවමත් කොටුවී සිටිති.

නෞකාව අඩි 948ක් (මීටර් 289) දිගින් යුක්තය.

ඩාලි නමැති එම භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ කාර්ය මණ්ඩලයෙන් බහුතරයක් ඉන්දීය ජාතිකයෝ වෙති.

නෞකාව පාලමේ ගැටුණු අවස්ථාවේ ඉන් එක් අයෙකු සුළු තුවාල ලැබීය.