අඟහරුගේ තතු සොයන්න අපේ පියුමිත් තෝරා ගැනෙයි

අඟහරු ග්‍රහයාගේ ගවේෂණ කටයුතු සඳහා සිදුකරන පර්යේෂණ කණ්ඩායමකට ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක වන පියුමි විජේසේකර තෝරා ගෙන තිබේ. ඔවුන් අදාළ මෙහෙයුම් කලාපයට මැයි 10 වැනිදා ඇතුළු වීමට නියමිත අතර දින 45ක කාලයක් ගඟනගාමින් ලෙස ඔවුන් කටයුතු කරනු ඇති බව නාසා ආයතනය ඊයේ නිවේදනය කළේය.