ඩිජි­ටල් ආර්ථික ක්ෂේත්‍ර­යට සිංග­ප්පූ­රුවෙන් සවියක්

පසු­ගිය 25 වැනිදා සිට 27 වැනිදා දක්වා  මෙරට ඩිජි­ටල් තාක්ෂණ හා ආයෝ­ජන ක්ෂේත්‍රයේ සන්ධි­ස්ථා­න­යක් සල­කුණු කර­මින් තාක්ෂණ අමා­ත්‍යාං­ශයේ සංවි­ධා­ය­ක­ත්ව­යෙන් පැවැ­ත්වෙන DigiEcon Global Investment සමු­ළු­ව පැවැත්වෙයි.

ඊට එක්වන “සිංග­ප්පූරු මූල්‍ය අධි­කා­රියේ (MAS) මූල්‍ය තාක්ෂණ අංශ (FINTECH) ප්‍රධානී සොප්නෙන්දු මොහන්දි මහතා ප්‍රමුඛ නියෝ­ජිත පිරිස සහ ශ්‍රී ලංකා මහ­කො­ම­සා­රිස් සෙන­රත් දිසා­නා­යක මහතා අතර හමු­වක් පසු­ගි­යදා (21) පැවැ­ත්විණි.

මේ සංචා­රයේ ඇති වැද­ග­ත්කම අව­ධා­ර­ණය කර­මින් අද­හස් දැක්වූ මහ­කො­ම­සා­රි­ස්ව­රයා  ‘‘DigiEcon Global Investment -2024 සමු­ළු­වත් සමඟ ක්ෂේත්‍රයේ නව අවස්ථා සොයා යෑමත් තාක්ෂණ ප්‍රග­ති­යත් උදෙසා වන ශ්‍රී ලංකාවේ මාර්ග සිති­යම දිග හැරෙන බවත්, අදාළ සෑම ක්ෂේත්‍ර­යක්ම නියෝ­ජ­නය වන පරිදි සාධා­ර­ණී­යව ශ්‍රී ලංකාව මේ වෙනු­වෙන් කැප­වනු ඇති බවත්“පැවසීය.