එක්සත් අරාබි එමීරයේ හිරගෙවල්වල සිටි ශ්‍රී ලාංකිකයන් 44කට රාජකීය සමාවක්

එක්සත් අරාබි එමීරයේ විවිධ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනකුට රාජකීය නියෝගයක් මගින් සමාව ලබා දී තිබේ.

රාමසාන් මාසය වෙනුවෙන් මෙම ශ්‍රී ලාංකික සිරකරුවන්ට රාජකීය නියෝගයෙන් සමාව ලැබුණු බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට නිල වශයෙන් දැනුම් දී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේ රාජකීය සමාව ලැබූ මෙම ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනා ඉදිරියේදී ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිත බවයි.