අදානි ගේ සුළං බලාගාරය මෙරට තීරණාත්මක ව්‍යාපෘතියක් බව ඉංජිනේරු ජෙරල්ඩ් එල්. සමරනායක පවසයි

මෙරට අනාගත බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා දිගින් දිගටම පවතින වාතාවරණයක් තුළ අදානි සමාගම විසින් මෙරටට හඳුන්වා දීමට යෝජිත මෙගාවොට් 484ක ධාරිතාවකින් යුත් සුළං බලාගාරය ඉතා තීරණාත්මක ව්‍යාපෘතියක් වනු ඇත.

 එය මෙගාවොට් 50ක ධාරිතාවකින් යුතු මන්නාරම් සුළං බලාගාර ව්‍යාපෘතිය සමඟ සැසඳීමේදී එහි පරිමාණය, ආයෝජනය හා ආර්ථික බලපෑම අතින් අතිශය තීරණාත්මක වෙනස්කම් සහිත ව්‍යාපෘතියක් ලෙසද පෙන්වා දිය හැකි බව ඉංජිනේරු ජෙරල්ඩ් එල්. සමරනායක මහතා ප්‍රකාශකරයි.

මෙරට බලශක්ති ක්ෂේත්‍රය තීරණාත්මක මොහොතක සිටින අවස්ථාවක Adani Power Ltd සහ Adani a Energy Solutions Ltd කළමනාකාර අධ්‍යක්ෂ අනිල් සර්ධනා විසින් අදානි සමූහයෙන් වසර 20ක කොන්ත්‍රාත් කාලයක් සඳහා ස්ථාවර ගාස්තුවක් ප්‍රකාශ කර තිබේ.

 මෙය උපරිම විනිවිදභාවයෙන් යුතු තීරණයක් වන අතර බොහෝ විට උච්චාවචනය වන වෙළඳපොළක් තුළ අදානි සමූහය විසින් මෙලෙස ස්ථාවර මිල ගණන් පවත්වා ගැනීම ඔවුන්ගේ සුවිශේෂීභාවය පෙන්නුම් කරන මනා නිදසුනක්ද වන බව ඉංජිනේරු ජෙරල්ඩ් එල්. සමරනායක මහතා පැවසීය.