දැඩි සීතලින් ඇෆ්ගනිස්ථානයේ මිය ගිය ගණන ඉහළට

ඇෆ්ගනිස්ථානයට බලපා තිබෙන දැඩි ශීත කාලගුණය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 78 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසර 15 කින් ඇෆ්ගනිස්ථානයට ඇති වූ දරුණුතම ශිත කාලගුණය මෙය බව වාර්තා වෙයි

ඇෆ්ගනිස්ථානයේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ඍණ සෙල්සියස් අංශක 34 ක් ලෙස සටහන් වී ඇත

මෙම තත්ත්වය හමුවේ එරට ආහාර සුරක්ෂිතතාවට බලපෑම් එල්ල කරමින් ගොවිපළ සත්ත්වයින් 77, 000ක් පමණ මියගොස් ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් කරයි

ඉදිරි දින කිහිපය තුළ දී තත්ත්වය තවත් දරුණු විය හැකි බැවින් විපතට පත් පුද්ගලයින්ට මානුෂීය ආධාර සැපයීම පිළිබඳව ගෝලීය අවධානය යොමු විය යුතු බව ඇෆ්ගන් ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ නිලධාරින් සඳහන් කර තිබෙයි