මුහුදු ඛාදනයෙන් හලාවත මුතුපන්තිය දූපතේ වෙරළට දැඩි හානි

0

මුහුද රළු වීම හේතුවෙන් හලාවත මුතුපන්තිය දූපතේ වෙරළ තීරය දැඩි ලෙස ඛාදනයට ලක් වීමට පටන්ගෙන ඇත.

පසුගිය 05 දා සිට මෙම විනාශකාරී තත්ත්වය ඇති වූ බව එම දූපතේ ධීවරයෝ පවසති.

වෙරළ ඛාදනය අවම කිරීම සඳහා යොදා තිබූ දැවැන්ත බාධකයන් ද බිඳගෙන වේගවත් රළ පහර ගොඩබිමට ගැසීමට පටන් ගෙන ඇත. මේ හේතුව නිසා වෙරළ තීරය මීටර් ගණනාවක් හානියට පත් වී ඇත.

වෙරළට සමාන්තරව තිබෙන මුතුපන්තිය දූපතේ මාර්ගයක් ද තදබල ලෙස හානියට පත් වී ඇත.

මුහුදු ඛාදනයකට ලක් වූ මුතුපන්තිය දූපතේ උතුරු කොටසේ වෙරළ තීරයට ගල්වැටි යොදා තිබීම නිසා මේ වන විට එම කොටස ආරක්ෂාකාරීව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *