රටේ සිටින උගතුන් බුද්ධිමතුන් රට හැර යෑම ගැන විපක්ෂය මෙන්ම වෘත්තිකයන් විද්වතුන් ආදීන් විසින්ද මහා භීතිකාවක් මවමින් තිබේ. මීට ප‍්‍රතිවිරුද්ධ අදහස් දරණ සමහරුන් මේ ගැන ප‍්‍රශ්න කරන්නේ මේ අය ‍රටේ හිටියා කියා රට දියුණු වුණාද යනුවෙනි. තවත් සමහරුන් කියන්නේ මේ ප‍්‍රවණතාවය හොඳ බවත් මෙය රටට ප‍්‍රතිලාභ ගෙන දෙන වැඩක් ලෙස තවදුරටත් ප‍්‍රවර්ධනය කළ යුතු බවය. කොහොම නමුත් රටේ මේ වන විට පවතින දේශපාලන ආර්ථික සමාජීය ගැටළු මධ්‍යයේ මෙය සංවේදි මාතෘකාවකි.

මෙරට රජයෙන් දෙන නොමිලයේ අධ්‍යපනය, නොමිලයේ සෞඛ්‍ය ප‍්‍රතිලාභ සහ අනෙකුත් පහසුකම් අත්පත්කර ගැනීම මඟින් ගොඩනැගෙනන්ට වරම් ලැබුණු පිරිස් එම හැකියාවන් පාවිච්චි කරමින් හෝ නොකරමින්, විදේශ රැකියා, විදේශයන්ගේ ස්ථිර පදිංචිය සඳහා යෑම අද ඊයෙක සිදු වන දෙයක් නොවේ. බුද්ධිගලනය යනුවෙන් වර්ග කරන කොටසට වැටෙන ආකාරයේ වෘත්තිකයන්ගේ විදේශ ගත වීම් (ස්ථිර පදිංචිය සඳහා හෝ දීර්ඝ කාලීනව හෝ* රටට අලූ‍ත් දෙයක් නොවේ. මෑතකදී එය වර්ධනය වූ බව පසුගිය වසරේ සංඛ්‍යා ලේඛන හෝ මෙම වසර තුළ වාර්තා වෙමින් තිබෙන පුවත් අනුව පෙන්වා දීම සිදුවෙමින් පැවැතියත් සමස්තයක් ලෙස බැලූ‍ විට තත්වයන් සාමාන්‍යය. පසුගිය වසරට පෙර වසර දෙක තුළදී කොවිඞ් වසංගත තත්වයන් නිසා විදේශ සංක‍්‍රමණයන්ට අදාලව තිබුණුු තහංචි මත එම වසරවල විය යුතුව තිබුණු සංක‍්‍රමණයන් පසුගිය වසර සහ මෙම වසර තුළදී සිදුවීම් මත මෙම එම ඉලක්කම වැඩි අගයක් පෙන්නුම් කිරීම සිදුව තිබේ. නමුත් පෙර වර්ෂවලට වඩා යම් වැඩිවීමක් වී ඇති බව පිළිගත හැකිය.

කෙසේ නමුත් විශේෂයෙන්ම වෘත්තිකයන්ගේ ස්ථිර විදේශ ගතවීම ගැටලූ‍වක් වන්නේ එහිදී පුරප්පාඩු වන මෙරට වෘත්තිමය අවස්ථා පිරවීමට රජය අසමත් වන්නේ නම් පමණි. පසුගිය වසර කිහිපය ගෙවුණේ මෙරට වෘත්තීමය සුදුසුකම් සැපුරු අයට පවා වෘත්තීමය අවස්ථා හිඟවීමකි. රටේ ආර්ථික අර්බුදය හමුවේ වෘත්තික ආදායම් පහළ යෑම මෙන්ම ඔවුන්ගේ ජීවන තත්වයන්ට සාපේක්ෂව වියදම් ඉහළ යෑම ආදී ගැටළු නිසාත් විදේශ ගතවීමට යම් වැඩි ප‍්‍රවණතාවයක් පෙන්වා තිබේ. නමුත් මේ නිසා වන ගැටළුකාරීත්වය තාවකාලික තත්වයකි. රටේ අවශ්‍යතාවයට ප‍්‍රමාණවත් තරම් වෘත්තිකයන් හි`ග අවස්ථා මේ රට  ඕනෑ තරම් පසුකර ඇත. රට අර්බුදයට ගියේ මෙවැනි හේතු මත නොවේ. ඇතැම් වෘත්තිකයන්ගේ සහ වියතුන්ගේ අනවශ්‍ය මැදිහත් වීම නිසාය. කෙසේ නමුත් පෙර තිබු උනන්දුවද දැන් අවම වෙමින් පවතී. මන්ද යත් විදේශ වෘත්තීමය අවස්ථා සුලබ වුවද එය ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම් සපිරි වෘත්තිකයන්ගේ අවම බව හෝ ඒ සඳහා යොමුවීමට ඇති අනෙක් අපහසුකම් නිසාය. රටින් පිටවීමට කැමති වුවත් ඒ සඳහා හැකියාවන් සම්පූර්ණ කරගැනීමට බොහෝ අයට හැකියාව සීමාසහිතය. එසේම මෙහිදී විදේශ ගතවීම් සිදුවන තරමක් වන්නේ විය හැකි අවදානම් නැතිනම් අපහසුකම් දරා ගැනීමේ ශක්තිය ඇති අය පමණි. අනෙක් කරුණ බුද්ධිගලනය කියා මෙම විදේශ ගත්වීම් හැඳින්වුවත් බොහෝ විටම සිදු වන්නේ බුද්ධිය, දැනඋගත්කම්, වෘත්තිය පසෙක තබා කුමක් හෝ රැකියාවක් අපේක්ෂාවෙන් වන විදේශ ගතවීම්ය. ඉංග‍්‍රීසි භාෂාවෙන් ඊර්සබ ෘර්සබ යනුවෙන් හඳුන්වන් තත්වයකි. එනම් බුද්ධිය අහක යෑමය. තම මව් රටටත් සංක‍්‍රමණික රටටත් අහිමි වන තත්වයකි.

කොහොම නමුත් අද ලෝකය පුරාම වෘත්තිකයන්ට ඇත්තේ ඉහළම ඉල්ලූ‍මකි. විශේෂයෙන්ම සංවර්ධිත රටවල තිබෙන ඉල්ලූ‍ම සපුරාලන්නට ලෝකය සමත්ව නැත. ඉහළ වැ‍ටුප් වරප‍්‍රසාද ලබාදෙනවා කිව්වත් එම අවස්ථා පුර්ණ කරගැනීමට එම විදේශීය රටවලටත් අපහසුව තිබේ. නමුත් එම රාජ්‍යයන් හෝ තමන්ගේ රටේ පුරවැසියන්ගෙන්, තමන්ගේ අධ්‍යාපන ආයතනවලින් හෝ මේ අඩුව පුරවා ගැනීමටද සමත් නැත. ප‍්‍රධාන හේතුව වන්නේ වෘත්තිකයකු ගොඩනැගීම වෙනුවෙන් දරන්න වන වියදම ඉතා ඉහළ වීමය.

මේ ගැන වන වාර්ථාවකින් (^https://blog.medlinkstudents.com/how-much-does-it-cost/)  කියැවුණේ බි‍්‍රතාන්‍යයේ වෛද්‍ය උපාධියක් ලැබීමට වසර 6ක පුහුණු කාලයට අවම බි‍්‍රතාන්‍ය පවුම් 127,500ක් පමණ වැය වෙන බවය. එනම් රුපියල් මිලියන 52කට අධික මුදලකි. නොමිලයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් එහි නැත. නමුත් රජය ඒ වෙනුවෙන් ණය මුදලක් ලබා දෙයි.

බි‍්‍රතාන්‍යයේ වයස අවුරුදු 20 දී වෛද්‍ය උපාධිය හදාරණ ශිෂ්‍යයන්ට තම වෘත්තීය ජීවිතය තුළ වයස අවුරුදු 50 වන තුරුම ශිෂ්‍ය ණය පියවන්නට සිදුවන අවස්ථා තිබේ. එනම් මසකට රුපියල් දෙලක්ෂයකට ආසන්න මුදලකි.

එහෙත් මෙරට වෛද්‍ය උපාධිය දක්වා සියල්ල නොමිලයේ ලැබේ. රජයේ රැකියාවද විශාල වරප‍්‍රසාද ප‍්‍රමාණයකුත් ලැබේ. රජයේ රැකියාව අතරතුර පෞද්ගලික අංශයේ රැකියා, ව්‍යාපාර කිරීමේ අවස්ථාවද හිමිය.

වියදම් අධික බව නිසා සංවර්ධිත රටවල වෘත්තීමය සුදුසුකම් සපුරා ගැනීමට පිවිසෙන ප‍්‍රමාණය අඩුවන අතර රජයන්ද ඒ වෙනුවෙන් උනන්දු නොවේ. මෙම අඩුව පුරවා ගැනීම වෙනත් රාජ්‍යයන්වලින් බිහිවන වෘත්තිකයන්ගෙන් අපේක්ෂා කරයි. එය ඔවුන්ට ලාබදායකය. පහසුය.

එසේම එම රටවල විශිෂ්ටතම වෘත්තිකයන් පවා විශාල වශයෙන් වෙනත් රාජ්‍යයන් කරා සංක‍්‍රමණය වීමද අලූ‍ත් තත්වයක් නොවේ. මේ නිසා සීමාසහිත පුරවැසි වෘත්තික ප‍්‍රමාණය මත සැබවින්ම බුද්ධිගලනය පිළිබඳ සැබෑම ගැටළුව ඇත්තේ ඔවුන්ටය. නමුත් මේ රටවල විපක්ෂය හෝ වෘත්තීය සමිතිකාරයන් බුද්ධිගලනය නවත්වන්න බැරි ආණ්ඩුවක් මොකටද කියා ලංකාවේ මෙන් ඩෙ`ගා නටන්නේ නැත. විදේශිකයන්ට, විජාතිකයන්ට වෘත්තීමය අවස්ථා ලබා දෙනවා කියා, රටේ එකාලට අවස්ථා නැතිවෙනවා කියා පිස්සු කෙළින්නේද නැත. පවතින ප‍්‍රශ්නය කුමක්ද යන්න හඳුනාගෙන ඊට ඇති විකල්ප විසඳුම් යෝජනා කර ප‍්‍රශ්නය රටට වාසි වන විදිහට විසඳා ගැනීමට තරම් එම රටවල දේශපාලනඥයන් පරිණතය, වෘත්තීය සමිති පරිණතය. පසුගිය සතියේ අප චැතම් ස්ටී‍්‍රට් ජර්නල් පුවත්පත මඟින් වෛද්‍ය ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් තිබෙන ගෝලීය අර්බුදය ගැන අණාවරණයක් කළෙමු.

කෙසේ නමුත් මෙරට පවතින තත්වයන් හමුවේ වෘත්තීය අවස්ථා වෙනුවෙන් විදේශ ගතවීම් ඉදිරියටත් සිදුවෙනු ඇත. එය වැලක්විය නොහැකිය. මෙහිදී අවධාරණය කළ යුතු වැදගත් කාරණයක් වන්නේ මෙරට වෘත්තිකයන් රට හැර යන්නේ අමරිකාව, යුරෝපය,  ඕස්ටේ‍්‍රලියාව වැනි රටවලට පදිංචියට බවට මතයක් තිබුණත් සත්‍යය එය නොවේ. සාතිශය බහුතරය රැකියා ස`දහා ගොස් ඇත්තේ මැදපෙරදිග රටවලටය. සංවර්ධිත රටකට කියා වැඩිම පිරිසක් ගොස් ඇත්තේ ජපානයටය. 2022 වසරේ 14,000ක් පමණ වෘත්තකියන් අතරින් 9,000ක් පමණ මැදපෙරදිග රටවලටත්, 2,000ක් පමණ ජපානයට ගොස් ඇත. මාලදිවයිනට සහ සිංගප්පුරුවට දහසකට ආසන්න ප‍්‍රමාණයන්ගෙන් ගොස් ඇත. මේ අනුව ඉතාම පැහැදිලි ඇත්ත නම් මේ බොහෝ පිරිස තාවකාලිකව වැඩි මුදලක් උපයාගැනීම වෙනුවෙන් විදේශ රැකියා ස`දහා ගොස් ඇති බවය. වසර කිහිපයකින් මේ අය නැවත මෙරටටම පැමිණේ. බුද්ධිගලනය කියන්නේ මෙය නොවේ. මේ ශ‍්‍රම සංක‍්‍රමණයන්ය.

කොහොම නමුත් වෘත්තිකයන් විදේශ ගතවීමේ ප‍්‍රවණතාවය රටට වඩා වාසිදායක ලෙස විස`දා ගැනීමට රජය සමත් විය යුතුය. තුට්‍ටු දෙකේ මෝඩ දේශපාලනයක් කරමින් රටේ නැති අර්බුද මවමින් තමන්ගේ ප‍ටු දේශපාලනික වුවමණාවන් වෙනුවෙන් ඒවා පාවිච්චි කර රටට කෙළවීම විපක්ෂය සිදු නොකළ යුත්තකි. අද රට ඉල්ලා සිටින්නේ සියලූ‍ දෙනාගේ එකඟත්වයකින් අර්බුදයට සැබෑම විසඳුම ක‍්‍රියාත්මක කිරීමය. එමෙන්ම සඳහන් කළ යුතු තවත් වැදගත් කාරණයක් වන්නේ පසුගිය වසර තුළ 14,000ක පමණ වෘත්තිකයන් විදේශ ගතවීම භීතියට ලක්වන කරුණක් ලෙස හුවා දැක්වූවත් සත්‍ය වශයෙන්ම මෙරට රාජ්‍ය සහ වැඩිමනත්ම පෞද්ගලික විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවලින් වාර්ෂිකව විවිධ අංශවල වෘත්තිකයන් ලෙස කටයුතු කළ හැකි සුදුස්සන් 70,000කට අධික පිරිසක් මෙරටට දායාද කරන බවය.

පවතින යථාර්ථය පිළිගනිමින් අනාගතය වෙනුවෙන් සූදානම්වීම, ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් මේ වන විට ගනිමින් තිබෙන පියවර අනුව පෙන්නුම් කර තිබේ. විශේෂයෙන්ම මෙරට වෘත්තිකයන් විදේශ

රැකියා හඹායෑම ගැන ඔහු දැනුවත්ය. ඒ හරහා රටට සිදුවිය හැකි බලපෑම ගැනද වෘත්තීය සමිතිකාරයන්ට වඩා දැනුවත්ය. නමුත් එසේ කියා මේ තත්වයන් දැඩි නීතිරීති දමා පාලනය කර විදේශ ගමන් තහනම් කරන තැනකට ඔහු පත්ව නැත. එසේම මේ නැති අර්බුද මවමින් වැඩි වැටුප්, වරදාන, වරප‍්‍රසාද, බදු සහන දිනා ගැනීමට මාන බලන තක්කඩි වෘත්තීය සමිතිකරයන්ගේ බොරු බේගල්වලටද ඔහු හසුවන්නේ නැත. හදිසි තත්වයන් පාලනය කරගැනීම වෙනුවෙන් කෙටි කාලීනව පියවරයන් ගැනීම සිදුවීම හැකි වූවත් ජනාධිපතිවරයාගේ උත්සාහය මෙම ප‍්‍රවණතාවය රටට දීර්ඝ කාලීනව වාසිදායක ලෙස බේරා ගැනීමටය. පසුගිය සති කිහිපයේදී අවස්ථා කිහිපයකදී මේ වෙනුවෙන් ගන්නා පියවර ගැන ඔහු අවධාරණය කර තිබිණි. ඒ අනුව අදාල කටයුතු රැසක්ද මේ වන විට ක‍්‍රියාත්මක කර තිබේ.

කොහොම නමුත් බුද්ධිගලන තත්වයක් ඇතිවීමෙහි මෙහි අනෙක් වාසියක්ද තිබේ. ඒ ශක්තිමත් ශ‍්‍රී ලාංකීය ඩයස්පෝරාවක් සංවර්ධිත රටවල් ආශි‍්‍රතව ගොඩ නැ“ගීමය.

විදේශීය රටවල මර්මස්ථානවල ශ‍්‍රී ලාංකිකයන් තීරණත්මක මැදිහත්වීමක සිටින විට එයත් රටට දේශපාලන හා ආර්ථික බලයක් ගොඩනැගීමට දායකවේ. අද ඉන්දියාව චීනය වැනි රාජ්‍යයන් මේ හරහා අත්පත් කරගෙන තිබෙන බලය සුළු‍ප‍ටු නැත. මේ ඩයස්පෝරාවට ඇමරිකාව සහ බටහිර රාජ්‍ය පද්ධතියම කඩා ඉහිරවීමට තරම් බලයක් ඇතැයි කීම අතිශයෝක්තියක් නොවේ. එය බැංකු තැන්පතු එකවර එළියට ඇදගැනීමට තැන්පත්කරුවෝ කටයුතු කළ හොත් බැංකු කඩා වැටීම මෙනි. රටකින් වෙනත් රටකට යන වෘත්තිකයන්, ශ‍්‍රමිකයන් කියන්නේ රටේ විදේශීය තැන්පතුවකි.

ඒ අනුව ශී‍්‍ර ලංකාව දැනට සිටිනේ කුඩා තැන්පතුවක් සහිතවය. ඒ නිසා ලැබෙන ප‍්‍රතිලාභ අවමය. මෙය වැඩි කරගන්නා ක‍්‍රමය ගැන ජනාධිපතිවරයා කරන අවධාරණය අනුව එය සාර්ථකවීම රට ලබාගන්නා අනාගත ජයග‍්‍රහණයක් වනු ඇත. ඒ අනාගත රටේ රනිල් වික‍්‍රමසිංහ නොසිටියත් එදාට සිටින, රාජ්‍ය පාලකයාට රට තවදුරටත් සංවර්ධනය කරගන්න රනිල්ට තරම් මහන්සි වෙන්න දෙයක් නැත. ආර්ථික අර්බුද එන්නේ නැත. අතදිග හැර ජනතාව වෙනුවෙන් සේවය කළ හැකි වෙනු ඇත.

අදත්, හෙට දිනයේත් ලෝකයේ වෘත්තිය අවස්ථා පිරවීම වෙනුවෙන් මෙරට මානව ප‍්‍රාග්ධනය ගොඩනැංවීම, පවතින තත්වයට වඩා කිහිප ගුණයකින් වැඩි කරගැනීමට අවශ්‍ය පියවර ජනාධිපතිවරයා ගෙන තිබේ.

විශ්වවිද්‍යාල, වෘත්තීය පුහුණු ආයතන සහ මෙරට අධ්‍යාපන ක‍්‍රමය නුතන ලෝකයේ අවශ්‍යතාවයට ගැලපෙන ලෙස නවීකරණය කළ යුතු බව ඔහු පෙන්වා දෙන්නේ මේ අවස්ථාව ජය ගැනීම වෙනුවෙනි.

 නුගේගොඩ අනුලා විද්‍යාලයේ පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා මෙසේ පැවැසීය.

”…සමාජයට ඔබින අධ්‍යාපන ක‍්‍රමයක් නැතිව රටක් ඉදිරියට යන්නේ නැහැ. රටක් ගොඩනගන්නට නම් හොඳ අනාගත පරපුරක් ගොඩනැඟිය යුතුයි. අභියෝග ජයගත හැකි අනාගත පරපුරක් නිර්මාණය කිරීමේ මූලික පියවර තැබිය හැක්කේ අධ්‍යාපනයට පමණයි.

…අනෙක් කරුණ වන්නේ, ලෝක ආර්ථිකය රඳා පවතින්නේ විද්‍යාව හා තාක්ෂණය මත පදනම් වූ අංශ කිහිපයක් මතවීමයි. කෘත‍්‍රීම බුද්ධිය, රොබෝ තාක්ෂණය, බලශක්ති ගබඩාකරණය, බ්ලොක් චේන් තාක්ෂණය, ජෙනොම් විද්‍යාව වැනි අංශ කිහිපයක් අද ලෝක ආර්ථිකයට බලපෑම් කරනවා. ඒ සඳහා අපත් සූදානම් විය යුතුයි.

මෙම තාක්ෂණයන් සමඟ අනුගතවීමෙන් මෙම ශත වර්ෂය මැද භාගය වන විට ගෝලීය ආර්ථිකයට ඩොලර් ටි‍්‍රලියන 300ක් 700ක් අතර විශාල වටිනාකමක් එක් වන බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙනවා. මෙම ආර්ථිකය සම`ග තමයි ලෝකය ඉදිරියට යන්නේ. ඒ සඳහා අපත් සූදානම් විය යුතුයි.

…අප පළමුව මෙරට අධ්‍යාපන ක‍්‍රමය වෙනස් කළ යුතුයි. මෙම විෂයයන් සඳහා හැකි තරම් විශ්වවිද්‍යාල ඇති කළ යුතුයි. ඒ වගේම ඉංග‍්‍රීසි භාෂාව, චීන භාෂාව හා හින්දි භාෂාව ගැන දැනුමක් ලබා ගත යුතුයි. එසේ නම් මෙම විෂය පිළිබඳ දැනුම ලබාගත හැකි පාසල් හා උසස් අධ්‍යාපන ආයතන බිහි කළ යුතුයි. ඒ අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අමතරව රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මුදල් නිසා අධ්‍යාපනය නවතා දමන්නේ නැතිව සිසුන්ට රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල ඇතුළත්වීමට විදේශ රටවල මෙන් සහන ක‍්‍රමයකට ණය ලබාදිමේ වැඩසටහනක් අප ක‍්‍රියාත්මක කරනවා.

…මේ අධ්‍යාපන ක‍්‍රමය වෙනස් නොකළහොත් අපට අනාගතයක් නැහැ. අපට ඉදිරියට යා හැක්කේ නව අධ්‍යාපන ක‍්‍රමයක් සමඟ පමණයි. කර්මාන්ත ශාලා, ගොඩනැඟිලි, මං මාවත් ඉදි කළ හැකි වුවත් අධ්‍යාපන දැනුම නොමැති නම් අනාගතයක් ළ`ගා කර ගත නොහැකියි. ඒ නිසා නව අධ්‍යාපන ක‍්‍රමයක් ඇති කර රටට හො`ද අනාගතයක් නිර්මාණය කිරීමට රජයක් ලෙස අප කැපවී සිටිනවා.”

මාතලේ ශාන්ත තෝමස් විද්‍යාල උත්සවයේ දී අවධාරණය කළේ, අවම වශයෙන් ඉංජිනේරුවන් 10,000ක්, වෛද්‍යවරුන් 7,500ක් වැනි පිරිසක් වසරකට මෙරට විශ්වවිද්‍යාල තුළින් බිහි විය යුතු බවය. එසේම වෘත්තීය පුහුණුව ලබන පිරිස තුන් ගුණයකින්වත් වැඩි කළ යුතු සේම තොරතුරු තාක්ෂණ විෂයට ද විශාල ඉල්ලූ‍මක් තිබෙන බවත් එම අවශ්‍යතා අඛණ්ඩව සපයාගත යුතු බවත්ය.

එමෙන්ම ශ‍්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ වාර්ෂික හමුවේ දී මෙරටට ඇති අභියෝග ගැනත් එය ජයගැනීම වෙනුවෙන් ගන්නා පියවර ගැනත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබිණි.

”…මේ දිනවල විශාල පිරිසක් රට හැර යනවා. ඔවුන් විදේශගත වන්නේ වඩා හොඳ අනාගතයක් ගොඩනඟා ගැනීමේ අරමුණ ඇතිවයි. කෙටි කාලීනව එය හොඳ දෙයක් ලෙස පෙනෙන්නට පුළුවන්. එලෙස රට හැර යන පිරිසෙන් ඇතැම් කොටසක් යමක් උපයාගෙන නැවත රටට පැමිණෙනවා. නමුත් එය එසේ වූ පමණින් ප‍්‍රශ්න විසෙ`දයි කියා නොසිතිය යුතුයි.

…අපට තිබෙන තවත් විශාල ප‍්‍රශ්නයක් වන්නේ මානව ප‍්‍රාග්ධනය ප‍්‍රමාණවත් පරිදි නොමැතිවීමයි. අප ඒ වෙනුවෙන් තරුණ තරුණියන් පුහුණු කළ යුතුයි. අපට ඒ වෙනුවෙන් සැලසුම් සහගත වැඩපිළිවෙළක් තිබිය යුතුයි.

…රට තුළ නව විශ්වවිද්‍යාල කිහිපයක් ඇති කිරීම පිළිබඳව අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. කුරුණෑගල තිබෙන යුනිවර්සිටි කොලේජ් එක, විද්‍යා සහ තාක්ෂණ විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කිරීමට සැලසුම් කර තිබෙනවා. පොළොන්නරුවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අපට මේ වන විට අයදුම්පත් ලැබී තිබෙනවා. අඩුම තරමින් අප විශ්වවිද්‍යාල 04ක් හෝ 05ක් අදාළ ආයතන සමඟ සම්බන්ධ වී අලූ‍තින් ආරම්භ කළ යුතුයි. ඒ තුළින් මෙම ක්ෂේත‍්‍රයේ සිදුව තිබෙන හිඟය පියවා ගැනීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා.

…මහනුවර ප‍්‍රදේශයේ නව විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන ලෙස පසුගිය ඉන්දීය සංචාරයේදී මම චෙන්නායිවල තිබෙන තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයට (IIT) ආරාධනා කළා.

…ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) විශ්වවිද්‍යාල ප‍්‍රමාණය වැඩි කරමින් තිබෙනවා. හරිත විශ්වවිද්‍යාලයත් එහෙමයි. නමුත් එය ප‍්‍රමාණවත් නැහැ. නව විශ්වවිද්‍යාල සඳහා අයඳුම්පත් ලැබී තිබෙනවා. වෛද්‍ය විද්‍යාල සඳහා ද ඉල්ලූ‍ම් පත‍්‍ර ලැබී තිබෙනවා. ලොස් ඇන්ජලීස්වල තිබෙන විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාල හා ක්වාලාලාම්පූර්වල තිබෙන විශ්වවිද්‍යාලය ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා. අවම වශයෙන් විශ්වවිද්‍යාල හතරක් හෝ පහක් ආරම්භ කිරීමට රජයක් ලෙස අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල දිරිමත් කිරීමේ වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා. ඒකාබද්ධ සහයෝගීතාවක් තුළ ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කළ හැකියි. අපට මානව ප‍්‍රාග්ධනය ද අවශ්‍ය වෙනවා.”

මේ අනුව අනාගතය ඉලක්ක කර ජනාධිපතිවරයා ගෙන තිබෙන පියවර ම`ගින් පැහැදිලි වන්නේ මේ වන විට බුද්ධිගලනය ගැන මතුකරන අර්බුදයට වඩා එයම රටට වාසියක් කරගත හැකි විස`දුම් ඔහු සතුව තිබෙන බවය. එසේම එය රටේ බුද්ධි ජනනය (brain Gain) ගොඩනංවන සහ රටේ අවශ්‍යතාවයට අතිරික්තයක් වන තරමේ විසදුමකි. එසේම ජනාධිපතිවරයා එතැනින් නතරව නැත. බුද්ධි ජනනය සම`ග රටේ ඇති විය යුතු ආර්ථික පිම්ම වෙනුවෙන් අවශ්‍ය පහසුකම් වර්ධනයද සහ අවස්ථා බිහිකිරීම වෙනුවෙන් ක්ෂේත‍්‍ර ගනනාවක පියවර රැසක්ද කි‍්‍රයාත්මක කර තිබේ. මේ අනුව රටේ අනාගතය සුබදායක තැකක තිබෙන බව පැහැදිලිය.

ජයතුංග බණ්ඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *