සඳ මත දෙවැනියට පා තැබූ ඕල්ඩ්‍රන් සිව්වැනි වරටත් යුග දිවියට

දෙවැනියට සඳ මත පා තැබූ මිනිසා වන බස් ඕල්ඩ්‍රන්, සිය 93 වැනි උපන්දිනයේ දී සිව්වැනි වරටත් විවාහ දිවියට එළඹ තිබේ.

ඒ ඔහුගේ දිගුකාලීන පෙම්වතියව සිටි 63 හැවිරිදි ආචාර්ය ඇන්කා ෆවූර් සමග ය.

ඇය රසායනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරිනියකි.

ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඕල්ඩ්‍රන් පවසා ඇත්තේ, ඔහු සිය බිරිඳ සමග යොවුන් පෙම් යුවළක් මෙන් සතුටින් කල්ගත කරන බවය.

බස් ඕල්ඩ්‍රන් 1969 වසරේ සඳ මතට ගමන් කළ ඇපලෝ 11 යානයේ ඓතිහාසික අභ්‍යවකාශ ගමනේ සාමාජිකයෙකි. එම මෙහෙයුමේ අණදෙන නිලධාරි නීල් ආම්ස්ට්‍රෝංගෙන් පසු සඳ මත ඇවිද ගිය පළමු පුද්ගලයින් දෙදෙනාගෙන් කෙනෙකි.

එසේම බස් ඕල්ඩ්‍රන් සඳ මත ඇවිද ගිය ජීවතුන් හතර දෙනාගෙන් කෙනෙකි.

ඔවුන්ගේ ලොස් ඇන්ජලීස් උත්සවයේ පින්තූර ඕල්ඩ්‍රින් විසින් ට්විටර් හි පළකර ඇත.