ශ්‍රී ලංකාවේ ක්‍රිකට් යනු Sri Lankan Cricket ද?

0

සුද්දාගෙන් ශ‍්‍රී ලංකාවට ලැබුණු දෑ බොහෝය. ඒ අතර ආර්ථික වටිනාකම් සහිත බෝගයන් වන තේ, රබර්, කෝපි, කුරුඳු, කොකෝවා වැනි වතු වගා ක‍්‍රමයන් හ`දුන්වා දිය හැකි අතර එම භෝගයන්ගේ ලෝක සන්නාමයන්ද ලංකාවට හිමිකර ගැනීමට සමත් විය. ලොව පුරා ක්‍ැහකදබ ඔැ් යන්න අදටත් ජනප‍්‍රිය වී ඇත. ලංකාවේ තේ වගේම සුද්දා විසින් හදුන්වා දුන් ක‍්‍රිකට් ක‍්‍රීඩාව නිසා ලංකාවට ලෝක ශුරයන් වීමටද හැකි විය. ශ‍්‍රී ලංකාව යන්න ලෝක සිතියමේ කොහිද යන්න නොදත් ලොව පුරා ක‍්‍රිකට්වලට ආදරය කරන්නන් ක‍්‍රිකට් නිසා ලංකාව ගැන දැන ගැනීමට තරම් ලංකාවේ ක‍්‍රිකට් ඉහළට ආවේය. එම නිසා සිලෝන් ටී මෙන්ම සිලෝන් ක‍්‍රිකට් ද ලෝක අවධානය දිනා ගත්තේය. පසුව ශ‍්‍රී ලංකන් ක‍්‍රිකට් යන්න ක‍්‍රිකට් ක‍්‍රීඩා ඉතිහාසයේ වැදගත් පරිච්ඡේදයක් විය.

ලංකාවේ ජනප‍්‍රියම ක‍්‍රීඩාව ක‍්‍රිකට්ය. සුද්දාගේ කාලයේ පටන් ක‍්‍රිකට් ක‍්‍රීඩාව ලංකාවේ මුල් ඇදගත් ක‍්‍රීඩාවක් බවට පත් විය. ලංකාව නිදහස ලැබිමෙන් අනතුරුවද දැවැන්ත ක‍්‍රීකට් ලෝලීන් පිරිසක් හා ක‍්‍රීඩකයන් පිරිසක් ලංකාව තුළ බිහි විය. පසුගිය දශක පහක පමණ කාලය පුරාවට ලංකාවේ ක‍්‍රීඩාවක් ගැන කතා කරනවා නම් එහිදි මුල් තැන් ලා කතා කළේ ක‍්‍රිකට් ගැනය. එදා මෙදා තුර ක‍්‍රිකට් දැවැන්තයින් ලංකාව තුළ බිහි බිය. ටෙස්ට් ක‍්‍රිකට් වංශ කතාව 1882 දී ආරම්භය සනිටුහන් කරන අතර 1926-1927 වසරවලදී කොළඹ වික්ටෝරියා උද්‍යානයේ නොමෑඞ්ස් ක‍්‍රීඩාපිටියේදී ඵක්‍ක්‍ කණ්ඩායමට එරෙහිව ”සිලෝන් කණ්ඩායම” ලෙස ප‍්‍රථම වරට තරඟ වැදුණි. එහිදී ‘සිලෝන්’ කණ්ඩායම ඉණිමක පරාජයක් ලැබීය. සිලෝන් කණ්ඩායම සිය ප‍්‍රථම ජයග‍්‍රහණය වාර්තා කරන්නේ 1932 – 1933 වසරවලදී පැටියල (ඡු්එස්ක්* කණ්ඩායමට එරෙහිවයි. ඒ ඞ්රූව් ”පැන්ඩෝව්” ක‍්‍රීඩාංගනයේදී සිලෝන් කණ්ඩායම 1950 සිට එම්.ජේ. ගෝපාලන් කුසලානය සඳහා තරඟ වැදුණු අතර 1970 දී ‘සිලෝන්’ කණ්ඩායම ‘ශ‍්‍රී ලංකා’ ලෙස සිය නම වෙනස් කළේය. ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායම ලෙස පළමු වරට ජාත්‍යන්තර ක‍්‍රිකට් තරඟයකට සහභාගී වූයේ 1975 වර්ෂයේදීය. 1981 දී ටෙස්ට් වරම් ලැබීමෙන් පසුව ටෙස්ට් වරම් ලැබූ 8 වෙනි රට බවට ශ‍්‍රී ලංකාව පත් විය.

 ලංකාවේ ක‍්‍රිකට් බල පරාක‍්‍රමය ලොව පුරා පිහිට වූයේ 1996 දී එක් දින ලෝක කුසලානය හිමි කර ගැනීමත් සම`ගය. එදා සිට මෙදාටත් එදා සිටි ඉන් එපිටටත් ක‍්‍රිකට් පිළිබද දන්නා කතාවක් ඇත. ඒ ක‍්‍රිකට් ක‍්‍රීඩාව ලංකාව තුළ ක‍්‍රීඩාවක් ලෙස මෙන්ම ආර්ථිකමය ප‍්‍රතිලාභයන් අත්පත් කර දීමට සමත් කර්මාන්තයක් ලෙස වර්ධනයවීමය.

”ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්” ආයතනය යනු ලෝක ක‍්‍රිකට් කවුන්සිලයේ රෙගුලාසි නිර්දේශ ආදියට යටත් ආයතනයකි. එය රජයෙන් ස්වාධීන සමාගමකි. එහෙත් රජයට ආර්ථිකමය ප‍්‍රතිලාභයන් අත්පත් කරදීමට ගොඩ නැගුණු ධන නිධානයකි.

වර්ෂයකට ඩොලර් මිලියන 35ක පමණ මුදලකින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ගිණුම තර වෙන අතර එය සෘජුව මහා භාණ්ඩාගාරයට බැර නොවුනද වක‍්‍රව දේශීය ආදායම් සංචිතයෙහි ආදායමක් ලෙස සනිටුහන් වේ. මේ නිසා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් යනු සෘජුව ලැබෙන ආදායම් සහිතව හා වක‍්‍රව ලැබෙන ආදායම් සහිත ආයතනයකි. ඒ අනුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් යනු හුදු සෙල්ලම් මඩුවක් නොවේ. කෙසේ නමුත් මෙරට ක‍්‍රීඩා අණ පනත් අනුව ක‍්‍රීඩා අමාත්‍යාංශයෙහි අධීක්ෂණයට යටත්ව පවතින හා වගකිම් සහිත ආයතනයක් වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංවිධිතිගත නීති පද්ධතියකින් පෝෂණය වන ආයතනයකි. ඉතිහාසය හා හැදින්වීම් ගොන්නක් මේ ලෙස දිගහැරිය හැකි නමුත් වැදගත් වන්නේ ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් වර්තමාන‌යේ තිබෙන තත්වය ගැන හා එය විසින් කෙතරම් ප‍්‍රමාණයකට ලංකාවේ සංවර්ධනයට උපයෝගී වන්නේද යන්න පිළිබදව සාකච්ඡුා කිරීමය.

 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ඔවුන්ගේ අභිමතය පරිදි සකසා ගත් හා ලෝක ක‍්‍රිකට් සම්මේලනයේ නීති රීතීන්ට අනුගතව ක‍්‍රියා කළ හැකිය. එහෙත් ලෝක ක‍්‍රිකට් කවුන්සිලය විසින් එම රට තුළ වන ස්වාධීනත්වයට ගරු කරමින් ක‍්‍රිකට් හැසිර විය හැකි බවට වන නීති රීති සමුදායක් ද යොදා ඇත.

ඒ් අනුව ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් මිල වන්නේද, මිලදී ගන්නන් වන්නේද, අභිමත පරිදි ක‍්‍රීඩා කළ හැකි වන්නේද ලෝක ක‍්‍රිකට් කවුන්සිලයට අනුගතවය. එසේම ක‍්‍රිකට් ලංකාව තුළ මෙන්ම ඉන් පිටතදීද ධනය ඉපයීම හා එහි ප‍්‍රතිලාභ රටට අත්කරදීම ස`දහා ක‍්‍රිකට් ආයතනයේ පරිපාලනයට හැකියාව ඇත. මේ හේතුවෙන් වර්තමානයේ ක‍්‍රිකට් බලධාරීන් ඔවුන්ගේ පාර්ශ්වයෙන් කොතරම් දුරට මෙකී කාර්ය භාර්යයන් ක‍්‍රිකට් රැුකගෙන සිදුකරන්නේද යන්න ගැටළු සහගතය. පසුගිය කාලයේදී මාධ්‍ය ඇතුළු වෙනත් පාර්ශ්ව විසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සම්බන්ධයෙන් මතු කළ විවේචනයන් කොතරම් දුරට ක‍්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කළ විවේචනදැයි නැවත සිතා බැලිය යුතුය.

තත්වයන් කෙසේ වුවත් සිදු විය යුතු වන්නේ රටක අභිමානයට බලපෑම් කළ හැකි හා රටක ආර්ථිකයට බලපෑම් කළ හැකි ජාත්‍යන්තර වපසරියක් ආවරණය කරන ක‍්‍රීඩාවක් සතු වගකීම් සහගත බව පරමාදර්ශී කොට ගෙන ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් රටේ සංවර්ධනයට ස`දහා උපයෝගී කර ගත හැකි අයුරින් නගා සිටුවීමය. ඒ් ස`දහා අවශ්‍ය සම්පත් හා බලවේග මෙන්ම සවිමත්බව ”ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්” ආයතනය සතුව  ඕනෑවටත් වඩා පවතී. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් රටේ සංවර්ධනයට ස`දහා දායක වනවා කියන්නේ ක‍්‍රීඩාවක් ලෙස ක‍්‍රිකට් පෝෂණය කිරීම මෙන්ම රටට කීර්තිය සහ ප‍්‍රතිලාභ ලබාදීමය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට මෙන්ම ක‍්‍රීඩා අමාත්‍යාංශයටද ක‍්‍රිකට් කඩා වැටීමේ අර්බුදයෙන් කර හැරිය නොහැක. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් යනු අමාත්‍යවරයාගේ, ඔහුගේ උපදේශකයන්ගේ හෝ ආයතනයේ හෝ මාධ්‍ය ආයතනවල තනි අයිතියක් නොව. එය ශ‍්‍රී ලාංකිකයන්ගේ අයිතියකි. එනිසා එය පුද්ගලයන්ට අවශ්‍ය ලෙස නොව ශ‍්‍රී ලාංකික ජනතාවට අවශ්‍ය ලෙස කළමනාකරණය විය යුතුය. මාධ්‍යයක් ලෙස අප පෙනී සිටින්නේ Sri Lanka Cricket නැමති ආයතනයට පක්ෂව හෝ විපක්ෂව නොව ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට්වලට පක්ෂවය. ඒ වෙනුවෙනි.

නිහජ ජයසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *