අර්ථ සාධකයෙන්වත් ගොඩයන්න ත්‍රස්ත විපක්ෂයට බැරිවිය
මළ ජාතික ජනතාවගේ නිජ භූමිය උතුරු නැගෙනහිර බවත් එය වෙනම රාජ්‍යක් ලෙස ගොඩනැගීම දෙමළ ජනතාව මුහුණ දෙන ගැටළුවට විසඳුම බවත් පෙන්වා දෙමින් බිහිව තිබූ ආයුධ සන්නද්ධ දේශපාලන ව්‍යාපාර ගණනාවක් එදා ශ‍්‍රී ලංකා රජයට එරෙහිව සටන් වැදි සිටියහ. එහිදී බිහිසුණුම කණ්ඩායම බවට පත්ව සිටියේ එල්.ටී.ටී.ඊ. සංවිධානයය. උතුරු නැගෙනහිර භුමිය අල්ලා ගැනීම ම`ගින් වෙනම රාජ්‍යයක් පිහිටුවා ගැනීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් දියත් කළ දේශපාලන, යුධ මෙහෙයුම් සහ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයන් එම දෙපළාතට සීමා වූයේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ උතුරු නැගෙනහිර පළාත්වලින් රජයේ අධිකාරිය ඉවත් කරගැනීම සඳහා ආරක්ෂක අංශ පළවා හැර ඔවුන්ගේ පාලනාධිකාරියක් යටතට ගැනීමට නම් එම සටන එම දෙපළාතට සීමා කරගැනීම විය යුතුව තිබුණකි. නමුත් එල්.ටී.ටී.ඊ.ය උපක‍්‍රමික වශයෙන් එම සීමාවෙන් එපිටට එම යුද්ධය ගෙන ආවේ රාජ්‍යය අනෙක් අතකින්ද දුර්වලකර තමන්ගේ පැවැත්ම සකසා ගැනීම වෙනුවෙනි. ඒ අනුව කොළඹ පමණක් නොව දකුණු පළාත ඇතුලූ රටේ බොහෝ ප‍්‍රදේශවල ත‍්‍රස්ත කටයුතු සිදුකරමින් විශාල විනාශයක් සිදු කළේය. ජනාධිපතිවරයෙක් ඝාතනය කළේය. එවැනි තවත් උත්සාහයන් ගනු ලැබීය. යුද්ධයට සම්බන්ධයක් නැති අහිංසක ජනතාව මෙන්ම මැති ඇමතිවරුන් ඝාතනයට ලක් කළේය.
රටේ ආර්ථික මර්මස්ථාන මෙන්ම දළදා මාළිගාව, ශ‍්‍රී මහා බෝධිය වැනි පූජනීය ස්ථානවලට පවා ප‍්‍රහාරයන් සිදු කළේය. මේ නිසා රජයට, සමස්ත රටත් ජනතාවත් ආරක්ෂා කරගැනීම සඳහා පැතිරුණු විශාල මෙහෙයුමක් සිදු කරන්න විය. එල්.ටී.ටී.ඊ.ය මෙම ප‍්‍රහාර ම`ගින් බලාපොරොත්තු වූයේ උතුරු නැගෙනහිරට රාජ්‍යය විසින් යොදවන බලය සීමාකර, දුර්වල කරගැනීම ම`ගින් තමන්ගේ කටයුත්ත ජයග‍්‍රහණය කරා ගෙන යෑමටය. එපමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද රජයට එරෙහිව බලපෑම් කරන්න ඔවුන්ට හැකි විය. කෙසේ නමුත් මෙම උපක‍්‍රමික පියවරයන් පරාජය කිරීමට මෙන්ම උතුරු නැගෙනහිර පළාත් එල්.ටී.ටී.ඊ. ග‍්‍රහණයෙන් මුදවා ගැනීමට රජයට හැකි විය.
මෙලෙසම තමන්ගේ වුවමණාව වෙනුවෙන්, අදාල සීමාවෙන් එපිටට ගොස් මහා විනාශයක් සිදු කිරීමේ තුච්ඡු උපක‍්‍රමික පියවරයන් සාමාන්‍ය දේශපාලනය තුළද සිදුවෙයි. අදත් ඊට උදාහරණ තිබේ. රටේ අද පවතින ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍යය සහ ජනතාව එයින් ගොඩගැනීම වෙනුවෙන් පාලක දේශපාලන අධිකාරිය දැවැන්ත සහ සංකීර්ණ මෙහෙයුමක යෙදි සිටී. මෙය හුදු යුද්ධකට වඩා බිහිසුණු සටනක් බව පැහැදිලිය. සිවිල් යුද්ධයක ඇති සීමාවන්ට වඩා සමස්ත රටත් කෝටි දෙකකට ආසන්න ජනතාවත් මෙයින් බරපතල පීඩාවකට හා අනතුරක අවදානමට පත්ව සිටී.
යුධ තත්වය හමුවේත් රට බංකොලොත් නොවුණත් වත්මන් ආර්ථික අර්බුදය රට බංකොලොත් කර තිබේ. එයින් ගොඩ ඒම යුද්ධය ජය ගැනීමට වඩා අසීරු කාරණයක්වද තිබේ. එසේම යුද්ධය අවසාන වී සාමය පිහිටුවා ජන ජීවිතය සාමන්‍යකරණය වී, සිදුව ඇති හානිය පිළිසකර කරගැනිම කෙටිකාලීනව විය හැකි වුවද ආර්ථික අර්බුදය නිසා සිදුව තිබෙන හානිය තවත් දශකයකටවත් පුර්ණ ලෙස පිළිසකර කරගැනීම හැකියාව අභියෝගයක්ව පවතී. එයත් පොඞ්ඩ වැරදුණොත් යළි බංකොලොත් වීමේ අවදානමද ඉහළ සම්භාවිතාවක් සහිතය. මේ නිසා නිවැරදිම ආර්ථික ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාමාර්ග, දේශපාලනික ක‍්‍රියාමාර්ග ගැනීම ගැන අතිශයින්ම සැලකිලිමත් විය යුතුය. එය පාලක පක්ෂයේ පමණක් නොව විපක්ෂයේත් ජනතාවගේත් සැලකිල්ලට යොමු කළ යුතු වීම අනිවාර්යයකි.
වත්මන් ආණ්ඩුවට බංකොලොත් රට යළි ගොඩනැගීම වෙනුවෙන් ගත හැකිව තිබු එකම විකල්ප විසඳුම වූයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබාගෙන ඒ අනුව රටේ ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් වෙනුවෙන් ලබා දී තිබු නිර්දේශ ප‍්‍රකාරව කටයුතු කිරීමය. බංකොලොත් රටේ ඒ වන විට ඉතිරිව තිබු අවම හැකියාවන් සහ සම්පත් උපයෝගී කරගෙන සැලසුම් සහගත ලෙස ඉදිරි ගමන සකසා ගැනීම විය යුතුව තිබිණි. මුල්‍ය අරමුදල මේ ගැන සුවිශේෂ අධ්‍යයනයක් කරමින් ගත යුතු ක‍්‍රියාමාර්ග ගැන රජයට දැනුම්දීම සිදු කරමින් ඒ සඳහා රජයේ එකඟතාවයත් ඇතිව මේ වන විටත් අවශ්‍ය පියවර ක‍්‍රියාත්මක කරමින් තිබේ. මුල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලැබුණේ ඒ අනුවය. නමුත් එහි මීළඟ පියවරයන්ට යාමට නම් මෙම කාලය තුළ ඉටු කළ යුතු ක‍්‍රියාමාර්ග රැුසක් තිබේ. බාගෙට කරමින්, මඟ හරිමින්, අත් හරිමින්, බොරු කරමින් රජය කටයුතු කළහොත් ඊළඟ පියවරට මුල්‍ය අරමුදලේ සහය නොලැබෙනු ඇත.
කෙසේ නමුත් ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුව මේ වෙනුවෙන් අවංකව දැඩි උත්සාහයකය නිරත වෙමින් සිටින බව මෙතෙක් පෙන්වා තිබේ. විශේෂයෙන්ම ජනාධිපතිවරයා ඒ සඳහා තමන්ගේ ඇති දැඩි අධිෂ්ඨානශීලීභාවය, සිය වගකීම් සහගතභාවය පෙන්නුම් කරමින් ඇත. එසේම මේ වෙනුවෙන් විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල ව්‍යාපාරික, වෘත්තීය කණ්ඩායම්වල සහ ජනතාවගේ සහය සහ ඒ වෙනුවෙන් වන කැපවීම ඔහු දිගින් දිගටම ඉල්ලා සිටී. එය පැහැදිලිය. මන්ද සියළු පාර්ශ්වවල සහයෝගය නොමැතිව මෙම ගමන යෑම අසීරු බව දන්නා නිසාය. මන්ද ඒ තරමට රට තිබෙන තත්වය අනතුරුදායකය. ජනාධිපතිවරයා මේ කරන්නේ සෙල්ලමක් නොවේ.
කොහොම නමුත් ජනාධිපතිවරයා යන ගමනට බොහෝ පාර්ශ්ව වෙතින් අවශ්‍ය සහයෝගය ලැබෙමින් තිබේ. කවර දුෂ්කරතා අත්වින්දද රටේ බහුතර ජනතාවත් අද ඊට අවනතව සිටී. ජනාධිපති රනිල් රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීම වෙනුවෙන් විශිෂ්ට කාර්යයක මේ මොහොතේ යෙදී සිටින බවට ජනතාවට අවබෝධයක් තිබේ. රට කෙමෙන් කෙමෙන් යථා තත්වයට පත්වෙමින් තමන් මුහුන දෙන පීඩාවන්ගෙන් මුදවා ගැනීම සිදුවෙන බව ජනතාවට දැනෙමින් පවතී. එමපණක් නොව ආනාගතය ඉලක්ක කරගත් දැවැන්ත සංවර්ධන ක‍්‍රියාමාර්ගයක් වෙත ජනාධිපතිවරයා රට ඇදගෙන යන බවත් ඉතා පැහැදිලිව දක්නට ලැබෙමින් පවතී. මේ තත්වයන් මත ජනාධිපතිවරයාට සහයෝගය ලබා දී ඒ වෙනුවෙන් තමන්ගෙන් විය යුතු කැපකිරීම විය යුතුව තිබෙන බවත් බහුතර ජනතාවකට අවබෝධයක් තිබේ.
එහෙත් මේ මොහොතේ විපක්ෂ දේශපාලන කල්ලි කණ්ඩායම්වල ක‍්‍රියාකාරීත්වය ඇත්තේ ඊට ඉඳුරා වෙනස් තලයකය. ජනාධිපතිවරයා ගන්නා සෑම ක‍්‍රියාමාර්ගයකට එරෙහි වෙමින් ඒ සියල්ල කඩාකප්පල් කිරීමේ වුවමණාව හැර වෙන කිසිදු සාධනීය ක‍්‍රියාමාර්ගයක් මේ ගෙවුණු අවුරුද්දක පමණ කාලය තුළ විපක්ෂය පෙන්වූයේ නැත. එයත් පැහැදිලිය. මන්දයත් රට ගොඩගියොත් එහි පුර්ණ ගෞරවය ජනාධිපතිවරයාට යෑමත්, විපක්ෂයේ දේශපාලනය පජාත වී බලය අත්පත් කර ගැනීමේ හැකියාව මොට වන නිසාය. ඒ අතර වෙනත් විදේශ බලවේගවල ඩොලර් මතින් යැපෙන, කොන්ත‍්‍රාත් කරන කල්ලි, ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන, ඇතැම් වෘත්තීය සමිතිද ක‍්‍රියාත්මක වෙමින් තිබේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ අනුව ඉටුකළ යුතු ප‍්‍රධානමකාරිය වී ඇත්තේ රට හිර වී සිටින දේශීය සහ විදේශීය ණය ගැටළුවට සහනයක් ලබාගැනීමය. අති දැවැන්ත ණය කන්දරාවක් ගෙවීමට තිබියදී රටට යළි නැගී සිටීමක් කළ නොහැක.
පසුගිය කාලයේ රාජ්‍ය ආදායම් අහිමි කරගෙන තිබිණි. විදේශ සංචිත අහිමි කරගෙන තිබිණි. රට බංකොලොත් බව ප‍්‍රකාශ කළේ ඒ අනුවය. යළි රාජ්‍ය ආදායම් සහ විදේශ සංචිත වර්ධනය කරගැනීමේ ක‍්‍රියාමාර්ග ගෙන තිබුණත් එම ආදායම්වලින් මෙම ණය ගෙවීමේ හැකියාවක් නැත. එය රටේ සාමාන්‍ය වියදම් ප‍්‍රමාණය පවා පියවා ගැනීමට ප‍්‍රමාණවත් නැත. ඒ නිසා යළි දෙස් විදෙස් ණය ආධාරයන් ලබාගැනීමත් අනිවාර්යයක් වී තිබේ. නමුත් ගෙවන්න මහ ණය කන්දක් තිබියදී අලූත් ණය ලබා ගැනීමේ හැකියාවක් නැත. එසේනම් එම ප‍්‍රශ්නයට යම් සහනයක් ලබාගැනීම විය යුතුය. ණය බරෙන් යම් නිදහස් වීමක් විය යුතුය. ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් අවශ්‍ය වූයේ ඒ වෙනුවෙනි. මෙම`ගින් සිදු කරන්නේ ණය නොගෙවා සිටීම නොව ණය හිමියන් සමඟ ණය ගෙවීමේ කාලය දිර්ඝ කරගැනීමක්, පොලිය අඩුකර ගැනීමක්, ඉල්ලා සිටීමය. මේ වන විට විදේශ ණය හිමියන් ණය ගෙවීම් කාලය දිර්ඝ කිරීමකට එකඟ වී ඇත. ඒ අනුව එම වැඩපිළිවෙල එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට ක‍්‍රියාත්මක වනු ඇතැයි රජය අපේක්ෂා කරයි. ඒ අතර දේශීය වශයෙන් ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමක්ද විය යුතුව තිබේ. ඒ රජය දේශීය බැංකු මුල්‍ය ආයතන සහ අරමුදල් වෙතින් ලබාගෙන ඇති ණය ගෙවීම සඳහා සහනයක් අපේක්ෂා කිරීමකි. මේ අනුව දීර්ඝ කාලයක් එම ණය හිමියන් සමඟ සාකච්ඡුා කර එකඟ වූ වැඩ පිළිවෙල ප‍්‍රකාශයට පත් කෙරුණු අතර එය පාර්ලිමේන්තුව විසින්ද අනුමත කරන ලදී. එම වැඩපිළිවෙල දැන් අනුගමනය කළ යුතු රටේ නීතියකි. මෙහි දී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්ති භාරකාර අරමුදල මඟින් රජය ලබාගෙන තිබෙන ණය සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙතද අනුමත කර ඇත.
ඒ අනුව මෙහිදී මෙම අරමුදල්වලින් බැඳුම්කර හා භාණ්ඩාගාර බිලපත් ලෙස ලබාගෙන තිබෙන ණය මුදල් සහ පොලී ආපසු ගෙවීමේ කාලය දිර්ඝ කරගැනීම සහ පොලී අනුපාතයන් යම් අඩු කිරීමක් සිදුවේ. ඒ අනුව භාණ්ඩාගර බිල්පත් බැඳුම්කර බවට පරිවර්තනය කිරීම, අර්ථසාධක පොලී අනුපාතය සියයට 9ක අවමයකට අඩුකිරීම ආදිය සිදුව ඇත. රජය සියයට 9ක ප‍්‍රතිශතය තීරණය කළේ පසුගිය වසර 5ක කාලය තුළ පොලී අනුපාතය උච්ඡුාවචනය වීම සලකා බලා සාමාන්‍ය අගයක් ලෙසය. නමුත් විපක්ෂ කණ්ඩායම් මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක වීම වැලැක්වීමට විරෝධතා සංවිධානය කරමින් වැඩ කරන ජනතාව රජයට එරෙහිව පෙළඹවීමට දැඩි උත්සාහයක් ගනු ලැබීය. නමුත් එය සාර්ථක වුයේ නැත. පසුව අරමුදල් සාමාජිකයන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා කියමින් අධිකරණ ක‍්‍රියාමාර්ග වෙත එළඹීමට පියවර ගන්නා ලදී. සැබවින්ම මේ අයට අවශ්‍ය වූයේ අධිකරණය හරහා අතුරු තහනම් නියෝගයක් හෝ ලබාගෙන මුල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලැබීමේ අවස්ථාව කඩාකප්පල්කර එම වැඩ සටහනෙන් මුල්‍ය අරමුදල ඉවත් කරවීමය. එමඟින් රාජ්‍යය යළි දැවැන්ත කඩා වැටීමකට ලක්වීම නොවැලැක්විය හැකිව තිබිණි.
තමන්ට බලය අත්පත් කරගැනීමේ නොහැකියාව, දේශපාලනික බංකොළොත් බව, ජනතා සහයක් හිමි නොවීම ආදී හේතු නිසා අනෙක් උපක‍්‍රමයක් හරහා හෝ නිසා රජය බි`ද දමා, බලය අත්පත් කරගැනීම මේ අයගේ වුවමණාව විය. ගෙවුණු වසර තුළදීම සිදු කළේත් මෙයය. මෙය එල්.ටී.ටී.ඊ.ය අනුගමනය කළ ක‍්‍රමවේදයමය. මේ අය රාජ්‍ය ද්‍රෝහී, ජනතා ද්‍රෝහී ත‍්‍රාඩ ක‍්‍රියාමාර්ග තේරුවේ තමන්ගේ අසමත්කම නිසාය. ඒ වෙනුවෙන් බිල්ලට ගත්තේ රටය, පුරවැසි ජනතාවය.
අනෙක් කාරණය සේවක අරමුදල් වෙනුවෙන් රජය ගෙවන පොලිය රටේ ආර්ථික තත්වයන් මත, මහ බැංකුව ගන්නා විශේෂ පියවරයන් අනුව වෙනස්වීම සිදුවිය හැකි වීම සාමාන්‍ය කාරණයකි. බැංකුවක තැන්පත්කර ඇති මුදලකට බැංකුව විසින් ගෙවන පොලිය විටින් විට වෙනස් කරමින් කටයුතු කරයි. එසේම බැංකුවෙන් බැංකුවටත් මෙම අනුපාතයන් වෙනස් වේ. නමුත් එහෙම වුවා කියා තැන්පත්කරුවන් මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් උසාවි යන්නේ නැත. සේවක අරමුදල් සම්බන්ධයෙන් ගතහොත් එම තැන්පතු රජය කොල්ල කා නැත. රජය ගෙවන පොලිය අහිමි කර නැත. ගෙවීම් කාලය දීර්ඝ කර නැත. කල් පිරුණු පසු හෝ දැනට ක‍්‍රියාත්මක අනෙක් ක‍්‍රමවේද යටතේ එම ප‍්‍රතිලාභ කිසිදු ගැටළුවකින් තොරව ලබාගැනීමේ හැකියාව සාමාජික සියළු දෙනාට ඇත. සිදුව ඇත්තේ රජය ගෙවු පොලී මුදලේ සුළු අඩුවීමක් පමණි. ඇතැම් විට ඉදිරියේ දී එය වැඩි වීම මිසක සියයට 9ට වඩා අඩු නොවේ. වෙනත් රාජ්‍යයන් හා සංසන්දනය කළහොත් මෙරට අරමුදල්වල ඇත්තේ අති විශාල පොලී අනුපාතයකි. එසේම ඉදිරියේදී උද්ධමනය සියයට 4ට 5ට අඩු වී මහ බැංකු පොලී අනුපාතයන්ද ඊට ආසන්නව අඩු වන විට සියයට 9ක පොලියක් යනු විශාල වාසියකි. මේ අනුව ණය ප‍්‍රතිව්‍යුහගතකිරීමේ සමස්ත වැඩපිළිවෙල සාර්ථකව ක‍්‍රියාත්මක වීම සේවක අරමුදල් ප‍්‍රතිලාභීන්ට විශේෂ වාසියක් ගෙන දෙන්නක් වනු ඇත.
දේශීය ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේදී මහ බැංකු අධිපතිවරයා සහතික කර කියා සිටියේ මෙමඟින් අරමුදලට හෝ අරමුදල් සාමාජිකයන්ට හානියක් නෙවන බවය. ස්වාධීන ආර්ථික විශේෂඥයනුත් ඒ ගැන ඕනෑ තරම් කරුණු පෙන්වා දී ඇත. නමුත් විපක්ෂය ක‍්‍රියාත්මක වුයේ මේ ඇත්ත කාරණාව වසන් කරමින් ජනතාවත් නොමඟ යවමින්ය. රජය ගෙන තිබෙන ආර්ථික ප‍්‍රතිසංස්කරණයන්ට වෙනස් විකල්පව වෙනත් කිසිදු විසඳුමක් හෝ තිබෙන බව මේ විපක්ෂය මෙතෙක් පෙන්වා දීමට සමත්වද නැත. ඒ නිසා මේ අය කරමින් සිටින මේ තුච්ඡු නිහීන ත‍්‍රාඩ තක්කඩි කටයුත්තේ ඇති භායනකකම ත‍්‍රස්ත ප‍්‍රහාරයකට වඩා බිහිසුණු බව පැහැදිලි කරුණකි.
කෙසේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය දිර්ඝ කරුණු විභාගයකින් පසුව මොවුන්ගේ පෙත්සම් දෙකක් නිශ්ප‍්‍රභ කිරීමට පසුගියදා කටයුතු කර තිබිණි. රටේ නීතියට එපිටින් යන්නට අධිකරණයට වුව නොහැකිය. එසේම පාර්ලිමේන්තු කතානායකවරයා රටේ සම්මත කළ නීතියකට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමට නොහැකි බවත් රටේ මුල්‍ය බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත් පෙන්වා දෙමින් තීරණාත්මක ප‍්‍රකාශයක් සිදුකරනු ලැබීය. ජනාධිපතිවරයාද ඊට දින කිහිපයකට පෙර ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මෙම ව්‍යවස්ථානුකූල බව පෙන්වා දී තිබිණි.
කෙසේ නමුත් රට යළි අරාජික කර විනාශකර දැමීම සඳහා විපක්ෂය ගත් තවත් ත‍්‍රාඩ කුමන්ත‍්‍රණකාරී උත්සාහයයක් දැන් පරාජය කර ඇත. එය රටෙත් ජනතාවගේත් වාසනාවක් නමුත් නිවැරදි දේ නිවැරදිව කරන පාලකයකු සිටීම ඊට හේතුවය.
ජයතුංග බණ්ඩාර