විභාගයට බාධාවක් වෙන විදිහට මැතිවරණ කරන්න එපා

උසස් පෙළ විභාගය මේ මස තුළ දී ආරම්භ වීමට නියමිතයි. මීට අමතරව මැයි මාසයේ දී සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වීමට නියමිතයි. ඒ අතරතුර මැතිවරණයක් අවශ්‍යයි කියලා ඇතැම් පාර්ශ්ව කියනවා මේ තත්ත්වය විභාග ක්‍රමයට බලපෑමක් වෙනවද?

විභාග කාලයන් තුළදී මැතිවරණයක් පැවැත්වෙන්නේ නැහැ කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒක අදාල බලධාරීන් දැනුවත්. විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යතුමා හරහා මෙහිදී මැදිහත් වෙන්න පුළුවන්. මැතිවරණ නාමයෝජනා ඉදිරිපත් කිරීමට දුන් දිනය සහ කාලවකවානුව තුළ නාමයෝජනා ඉදිරිපත් කළ පසු ඒ නාමයෝජනා ඉදිරිපත් කළ කණ්ඩායම් ගම් වලට පැමිණෙද්දී පිළිගැනීමට විවිධාකාරයේ උත්සව සංවිධානය වෙනවා. විවිධ ශබ්ද රතිඤ්ඤා වගේ දේවල් පාවිච්චි කරනවා. එතනදි ළමයින්ට මේක ාසිඑමරඉ වෙන්න පුළුවන්. විභාග තියන දින වකවානු වල විභාගය පැවැත්වෙන ස්ථාන වලදී මෙවැනි ්ජඑසඩසඑසැි සිදු නොකරන විදියට වැඩපිළිවෙලක් සකස් කිරීමට මම විශේෂයෙන්ම මැතිවරණ කොමසාරිස් ජනරාල්තුමා සමඟත් සාකච්ඡා කර තිබෙනවා. අපි මේ වන විට විභාගය ිජයැාමකැ කර අවසන්. මැයි මාසයේ පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගය දැනට මැයි මාසයේ පැවැත්වෙන නමුත් තවම දින ප්‍රකාශ කරලා නැහැ. උසස් පෙළ විභාගය දැනට සියල්ල සූදානම් කරලා ඉවරයි ඒ තැනදී මැතිවරණයත් සමග එයට බාධා නොවන ආකාරයෙන් පැවැත්වීමට සැලසුම් කරගැනීමට අවශ්‍යයි.

පසුගිය කාලයේ රටේ හදිසි තත්වයන් පැවතුනා. මේ මැතිවරණයක් කැඳවීමත් සමග විභාගයට එය නැවත බාධාවක් වෙන්න පුළුවන් නේද?

තත්වයන් පාලනය වෙලා මැතිවරණයක් පැවතුණහොත් ඒ මැතිවරණයේදී තමන්ගේ අපේක්ෂකයා තෝරා ගන්න ජනතාවට අයිතියක් ලැබෙනවා. ඒ අයිතිය තෝරගන්න යම්කිසි සාමකාමී තත්ත්වයක් අනුගමනය කරයි කියලා අපි අපේක්ෂා කරනවා. එතන අරගලයක ස්වභාවයක් ඇති වෙන්න අවශ්‍ය නැහැ කියන එකයි මගේ මතය. මෙතනදී මගේ වගකීම සහ වැඩපිළිවෙළ වෙන්නේ කිසිදු බාධාවකින් තොරව මෙම දරුවන්ට විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය පසුබිම සහ වටපිටාව සැකසීම.

විශේෂයෙන්ම මේ දිනවල මට තවත් ගැටලුවක් තියෙනවා පැවැත්වීමට නියමිත නිදහස් දිනය සම්බන්ධයෙන් ඒ නිදහස් උත්සවයට පෙර දින කිහිපයක් පෙරහුරු වැඩසටහන් පැවැත්වීමට නියමිත නිසා. මම මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ජනාධිපති ලේකම් තුමාටත් අග්‍රමාත්‍ය ලේකම් තුමාටත් ආරක්ෂක ලේකම් තුමාටත් දන්වා සිටියා. මට එතැනදී සම්බන්ධීකාරක වරයෙක් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සම්බන්ධ කරලා තියෙනවා. ඒ නිලධාරියා මට ප්‍රකාශ කර ප්‍රකාශ කර සිටියා කිසිදු බාධාවක් නිදහස් දින පෙරහුරු වැඩසටහන වල දී සිදුවන්නේ නැහැ කියලා එහිදී ඒ නිලධාරියා ප්‍රකාශ කර සිටියා. ඒ පුහුණුවීම් වල දී කිසිදු ශබ්දයක් නොනැසෙන සේ අදාළ අදාළ පුහුණුවීම් සිදුකරන බව. ඒ නිසා විභාග කටයුතුවලට එයින් කිසිදු බාධාවක් වෙන්නෙ වෙන්නේ නැහැ කියලත් කියලා සහතික වෙලා තියෙනවා.

මැයි මාසය තුළ දී පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගය කිසිලෙසකින් දින කල් දාන්න බැහැ නේද?

මේ තත්ත්වය කොරෝනා වසංගත තත්වයත් එක්ක 2020 දී ඇතිවුණේ ඊට ප්‍රථම අපි සුපුරුදු පරිදි අගෝස්තු මාසේ උසස් පෙළ විභාගය පැවැත්වූවා දෙසැම්බර් මාසයේදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වූවා.කොරෝනා වසංගතය සමඟ තමයි මේ පිළිවෙළ වෙනස්වීම සිදු වුණේ.මේ නිසා එක අවුරුද්දකින් සිදුවුණු ප්‍රමාදය එක පාර යථා තත්වයකට ගේන්න බැහැ ළමයිනුත් ඉල්ලනවා කාලය එක විභාගයක් කිව්වට පස්සේ නැවත අනිත් විභාගය තියන්න බැහැනේ. මේ නිසා ටික ටික තමයි අපිට නියම ට්‍රැක් එකකට මේ විභාග ක්‍රමය දාගන්න වෙන්නේ. එතනදි අපේ මැයි මාසයේදී සාමාන්‍ය පෙළ විභාගය සූදානම් කරේ පසුව අවුරුද්දක් දෙකක් දිහාම හරි නැවත දෙසැම්බර් මාසයට කලින් තිබුණ වගේ තත්වයට පත්කරගන්න පුළුවන් වෙයි කියලා විස්වාසයෙන්. මේ නිසා අපිට මේ ඇතිවෙලා ගැටලුකාරී තත්ත්වය ඉක්මනින් විසඳ ගන්නවා හැරෙන්න විභාග කල් දාන එක නෙවෙයි කරන්න ඕන. ඒ නිසා අපි උත්සාහ කරනවා ළමයින්ගෙ පැත්තෙන් දැඩි ඉල්ලීමක් ලැබුණෙ නැත්නම් මැයි මාසයේදී සාමාන්‍ය පෙළ විභාගය පවත්වන්න. දැන් ලංකාව පුරා පාසල්වල අධ්‍යාපනය ලබාදීමට සුදුසු පරිසර තත්වයක් නිර්මාණය කරගෙන තියෙනවා ඒ තත්ත්වය තුළ මම විස්වාස කරන්නෙත් නැහැ ළමුන්ගෙ පැත්තෙන් විභාග කල් දාන්න කියලා ඉල්ලීමක් ලැබේවි කියලා.


ඡන්දයක් හදිසියෙන් හෝ පැවැතුණහොත් දේශපාලනඥයන්ට ළමුන්ට සහ දෙමව්පියන්ට කියන්න තියෙන්නෙ මොනවද?

මම විශ්වාස කරනවා ඡන්දයක් පැවැත්වීම විභාග වලට බලපෑමක් සිදු නොවන ආකාරයෙන් පැවැත් වෙයි කියලා.ඊට අදාළ සියලු අංශවලට මම ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. යම්කිසි විදිහකට ඡන්දයක් තිබුණොත් ඒ ඡන්දයේ තීරණාත්මක දිනයන් නොවුණත් ඡන්දයක් කියන්නේ රටේ යම් යම් වාතාවරණයන් වෙනස් වෙන කාලයක් රැස්වීම් පැවැත්වෙනවා පිළිගැනීමේ උත්සව පැවැත්වෙනවා එතනදි සාමාන්‍ය තත්වයක් නෙවෙයි අපේ ලංකාව වගේ රටක තියෙන්නේ. ඒ නිසා මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මේ විභාග කාලය අපි කවුරුත් දන්නවා උසස් පෙළ විභාගය කියන්නේ දරුවන්ට ඉතාමත් වැදගත් විභාගයක්. එතනදි මේ උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයන්වලදී මේ දරුවන්ට හානියක් වන පාඩුවක් වන බාධාවන් වන කිසිදු ක්‍රියාකාරකමක නොඇලෙන ලෙස ඉල්ලා සිටිනවා. මොකද දිවයින පුරා සෑම තැනකම මේ විභාග මධ්‍යස්ථාන පිහිටවලා තියෙනවා. ඒ නිසා එහෙම බාධාකාරී වන ආකාරයට හැසිරෙන්න එපා. ඡන්දයට අදාළ කාර්යනුත් එයට අදාළ ආකාරයට කරගෙන යන්න. එතැනදී විභාගයක් පැවැත් වෙනවා කියන එක සම්බන්ධව අවධානයෙන් යුතුව දරුවන්ට බලපෑමක් නොවන ආකාරයට ඒ මැතිවරණ ක්‍රමවේදයේ යෙදුනට ගැටලුවක් නැහැ. අපිට මේවා එකිනෙකට වෙනස් කාලයන්වලදී සම්පූර්ණයෙන්ම කරන්න බැරි වෙනවා. මොකද මේ එකම කාලය තුළදී ඡන්දයක් සහ විභාගයක් අපිට පැවැත්වීමට සිදු වෙනවා. මොකද විභාගයක් පැවැත් වෙනවා කියලා රටේ අනෙත් සියල්ලම නතර කරන්න බැහැනේ. ඒ තත්ත්වය තුළ මම රටේ සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ දරුවන්ගේ විභාගය. දරුවන්ට හොඳ මානසික තත්ත්වයකින් යුතුව විභාගයට පෙනී සිටීමට අවශ්‍ය පසුබිම සකස් කරගන්න දායක වෙන්න කියලා මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.