ජනපතිවරණයට මුදල් වෙන්කරන්න ජනපතිගෙන් උපදෙස්

0

පකිස්තානය ගොඩගියෙත් රනිල්ගෙන්

ඉන්දියානු සංචාරය සති මැද යෙදීම හේතුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ ගෙවා දැමූවේ කාර්ය බහුල සතියකි. ඒ අතර මාතලේ පැවැති රාමඤ්ඤ නිකායේ උපසම්පදා උත්සවයකට මෙන්ම වාද්දුව පැවැති විවාහ මංගල්‍යයකට යාමටත් සිදුවීම මෙම කාර්ය බහුලත්වය තීව්‍ර කරන්නට හේතුවිය. මාතලේ සිට පැමි‚ ජනපති රනිල් එදිනම දහවල් ඉන්දියාව බලා පිටත්වූවේය.

ජනපති සදුදා සිට සුදානම් වූවේ ඉන්දීය සංචාරය වෙනුවෙනි. එහිදි අත්සන් කිරීමට යෝජිත ගිවිසුම් කිහිපයකට අදාළව නිලධාරීන් ගෙන්වා සාකච්ඡා කිරීමට ද ඔහු පියවර ගත්තේය. සදුදා සවස ඇමති මණ්ඩල රැස්වීම පැවැති අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ද එදින පැවැත්විණි. ස`දුදා දහවල් ඔහුට රාජ්‍ය තාන්ත්‍රික දුරකතන ඇමතුමක් ලැබුණේය. එම ඇමතුම පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් ගෙනි.

ඔහු ජනපති රනිල් අමතා කීවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය ලබා ගැනීමට ශ්‍රී ලංකා ජනාධිපති මැදිහත් නොවුනේ නම් කිසිදා ඔවුන්ට එම මුදල නොලැඛෙන බවයි. ජනපති රනිල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකා ක්‍රිෂ්ටිනා ජෝර්ජිවා අමතා පකිස්ථානයට ආධාර කරන ලෙස නොකීවා නම් තමන් ලොකු අමාරුවක වැටීමට ඉඩ පැවැති බවද අගමැති ෂරීෆ් කීවේය. අමාරු අවස්ථාවේ කළ උපකාරය අමතක නොකරන බවද ඔහු ජනපති රනිල් දැනුම්වත් කළේය.

පකිස්ථානය ශ්‍රී ලංකාවේ ආදීකාලීන මිතුරෙකු බැවින් ඉදිරියටත් ලංකාව පකිස්ථානය වෙනුවෙන් පෙනී සිටින බවත් ඉදිරියට ද යම් සහයෝගයක් අවශ්‍ය නම් එය ලබාදීමට ද දෙවරක් නොසිතන බවත් ජනපති රනිල් පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂරීෆ්ට කියා සිටියේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහායද ලබා දෙන බව ජනපති රනිල් ඔහුට දැනුම් දුන්නේය.

සුපුරුදු පරිදි ජනපති රනිල් අ`ගහරුවාදා උදේ වරුව ගත කළේ ආරක්ෂක අමාත්‍යාංශයේය. ඒ ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගීවීම උදෙසාය. එය අවසන් කොට ඔහු පාර්ලිමේන්තුවට ගියේ මන්ත්‍රී ලසන්ත අලගියවන්නගේ සභාපතිත්වයෙන් යුතු රාජ්‍ය ගිණුම් කාරක සභාව සංවිධානය කර තිබූ රාජ්‍ය ආයතන ඇගයීමේ අවස්ථාවකට එක්වීමටය.

මම වික්‍රමසිංහ මිස රාජපක්ෂ නෙමෙයි

ජනපති රනිල් පාර්ලිමේන්තුවට පැමිණෙනවා කියන්නේම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ජනාධිපති කාර්යාලය පිරී යන අවස්ථාවකි. එම අවස්ථාව නිසි ලෙස කළමනාකරණය කරන්නේ ජනාධිපති පාර්ලිමේන්තු ලේකම් මහාචාර්ය ආශූ​ මාරසිංහ ය.

මන්ත්‍රීවරුන් මුණ ගැසීමෙන් පසු ජනපති ගියේ කලින් වෙන්කර ගෙන තිබූ දෙමළ පක්ෂ මන්ත්‍රීවරුන් මුණ ගැසීමටය. පාර්ලිමේන්තු කමිටු ශාලාවක මෙම හමුව සංවිධානය කර තිබුනි. එක් පක්ෂයක් හැර උතුරු පළාත නියෝජනය කරන දෙමළ පක්ෂ මන්ත්‍රීවරුන් මෙයට එක්ව සිටියහ.

ජනපති සිය ස්ථාවරය දෙමළ මන්ත්‍රීවරුන් හමුවේ තබමින් ඔහු කීවේ පොලිස් බලතල හැර සෙසු බලතල 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව ලබාදීමට කටයුතු කරන බවයි. එසේම තමන් රනිල් වික්‍රමසිංහ මිස රනිල් රාජපක්ෂ නොවන බව කීවේ සුමන්දිරන් මන්ත්‍රීවරයා නැූ පැනයකට පිළිතුරු දෙමිනි.

දෙමළ සන්ධාන මන්ත්‍රී රාසමානික්කම් මේ අවස්ථාවේදී එහි සිටි මන්ත්‍රී පිල්ලයාන් ඉලක්ක කර ගනිමින් උද්වේගයෙන් අදහස් දැක්වූ අතර හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වූ පිල්ලෙයාන් මන්ත්‍රීවරයා දැඩි සංයමයකින් සිටිනු එහි සිටි කාටත් දැකගත හැකිවිය.

ඊට ිළිතුරු දුන් පිල්ලෙයාන් මන්ත්‍රීවරයා පෞද්ගලික ආරවුල් මෙතන ඇදගන්න එපා. අපි ඇත්ත ප්‍රශ්නය කතා කරමු.˜ කීවේ දෙදෙනාම මඩකලපු දිස්ත්‍රික්කය නියෝජනය කරනා බැවිනි.

රාසමානික්කම් මන්ත්‍රීවරයා සිය ප්‍රකාශය කොට නැගිට ගිය පසු එදා පොලිස් බලතල තිබුණා නම් ඒ කාලේ ඔබතුමන්ලාව අත්අඩංගුවට අරගෙන˜

ජනපති රනිල් සිනාසෙමින් දෙමළ මන්ත්‍රීවරුනට කීවේ පිල්ලෙයාන් මන්ත්‍රීවරයා දෙස ද බලමිනි.

කෙසේ නමුත් ජනාධිපති රනිල් ඉදිරිපත් කළ යෝජනා සුමන්තිරන් මන්ත්‍රීවරයා විවේචනය කරද්දී පිල්ලෙයාන් මන්ත්‍රීවරයා ජනපති යෝජනාවට සහාය පළ කරන බව කීවේය. එම කමිටු ශාලාවේ භාෂා පරිවර්තන පහසුකම් නොමැති බැවින් දෙමළ මන්ත්‍රීවරුන් අසන ප්‍රශ්න පරිවර්තනය කරනු ලැබූවේ සුමන්තිරන් මන්ත්‍රීවරයා විසිනි. එහෙත් ඔහු ජනපති කී දේ දෙමළට පරිවර්තනය නොකිරීම නිසා එම කාර්ය රාඝවන් මන්ත්‍රීවරයා විසින් කරනු ලැබීය.

අගමැති දිනේෂ් ගුණවර්ධන, සභානායක සුසිල්, ආණ්ඩු පක්ෂ සංවිධායක ප්‍රසන්න, ඇමති ඩග්ලස් දේවානන්දා ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියහ. ජනපති ඉන් පිටව ගියේ ඉන්දියාවට ගෙන යන දෙමළ මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කළ ලිපිය ද රැගෙනය. එම ලේඛනයේ පිටපත් ත්‍රෙනිකායික මහා සංඝ රත්නය ඇතුළු ආගමික නායකයන් වෙත ද යවන ලෙස ජනපති උපදෙස් දුන්නේ ජනාධිපති ලේකම් සමන් ඒකනායකට මෙන්ම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් චින්තකට හා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායකටය.

සාකච්ඡාව නිමවා පිටතට පැමි‚ දෙමළ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් වටකරගනු ලැබූවේ ජනාධිපති පාර්ලිමේන්තු ලේකම් මහාචාර්ය ආූවය. ජනාධිපතිතුමා අර රනිල් රාජපක්ෂ කතාව කිවේ දෙන්නෙකුට දැනෙන්න විතරයි.˜ මන්ත්‍රීවරු කියද්දී ආශු ඔවුන් දෙස බැලුවේ ප්‍රශ්නාර්ථවය.

ඒක කිව්වේ සුමන්තිරන්ටයි රාසමානික්කම්ටයි. මොකද එයාලනේ රනිල් රාජපක්ෂ කීව්වේ.˜ මන්ත්‍රීවරු කියද්දී ආූට කාරණය අවබෝධ වී සිනහව නවතාගත නොහැකි වූවේය.

සවස ජනාධිපති රනිල් ලේකම් කාර්යාලය වෙත පැමි‚යේ මැතිවරණ කොමිසමට පත්වූ නව නිලධාරීන් මුණ ගැසීමටය. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල්. රත්නායක ඇතුළු කොමිසමේ නිලධාරීන් ද, නීතිපති දෙපාර්තමේන්තුවෙන් නිලධාරියෙකු හා මුදල් අමාත්‍යාංශයෙන් නිලධාරීන් පිරිසක්ද ඊට එක්ව සිටියහ.

ජනපති ඡන්දයක් ගැන ඉඟියක්

ලබන වසරේ ජනාධිපතිවරණයක් පවත්වන්න කොපමණ මූල්‍ය ප්‍රතිපාදනයක් අවශ්‍යවෙයි ද? මොකද අපිට මේ වෙනුවෙන් අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සුදානම් කරගන්න වෙනවා. අපි ඒ මුදල් අය වැය ලේඛනයට ඇතුළත් කරලා වෙන් කර ගන්නේනුනේ ජනපති විමසුවේ කොමිසමේ නිලධාරීන්ගෙනි.

මැතිවරණ කොමිසමේ නිලධාරීන් කීවේ ඊට අදාළ ඇස්තමේන්තු සකස් කොට හැකි ඉක්ම‚න් ලබා දෙන බවය. කඩිනමින් එය මුදල් අමාත්‍යාංශය වෙත යොමු කරන ලෙස උපදෙස් දුන් ජනපති රනිල් මේ කාරණය ගැන මුදල් අමාත්‍යාංශය සමඟත් සාකච්ඡා කරන ලෙස උපදෙස් දුන්නේය.

ඒ අතර ජනාධිපති ලේකම් සමන් ඒකනායක කීවේ මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් ගතවන කාලය අවම කර ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙසය.

මන්ත්‍රී බිරින්දෑවරුන්ටත් ජනපතිට හිත ගිහින්

එදින සවස ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ජනාධිපති මන්දිරය වෙත කැදවා තිබුණේ සුහද හමුවකටය. ඊට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ බිරින්දෑවරුන් මෙන්ම පවුලේ සාමාජිකයන් ද එක්ව සිටියහ. ජනපති රනිල් හා මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මැති‚ය ද ඊට එක්ව සිටියහ.

සුහද හමුවේදි ජනපති රනිල් මන්ත්‍රීවරුන් සිටි මේසයෙන් මේසයට ගොස් ඔවුන් සමඟ කතා කරද්දී මෙය දුටු ඇමති ප්‍රසන්න රණතුංග හා මහාචාර්ය ආශ= කතා වූවේ මෙතුමා මන්ත්‍රීවරු එක්ක විතරක් නොවෙයි මන්ත්‍රීවරුන්ගේ බිරින්දෑවරුන් සමඟත් කතා කරන්නට යොමු කළ යුතු බව කියමිනි.

ඇමති ප්‍රසන්න මන්ත්‍රීවරියන් වූ කෝකිලා ගුණවර්ධනට හා මුදිතා සොයිසාට කතා කොට මන්ත්‍රී බිරින්දෑවරුන් ජනපති හමුවට යොමු කරන ලෙස දැනුම් දුන්නේය. මන්ත්‍රී බිරින්දෑවරුන් හා ජනපති හමුව අවසාන වූවේ ජනපති ගැන ඔවුන්ට මහත් ගෞරවයක් ඇති කරමිනි. මන්ද ඒ ඔවුන් මීට පෙර ජනපති හා සමීපව කතාබස් කොට නොතිබූ බැවිනි.

බදාදා දිනය පුරා පැවැතියේ ඉන්දීය සංචාරයට අදාළ සාකච්ඡාවන්ය. දෙරට අතර ඇති කර ගන්නා ගිවිසුම්වලට අදාළ ආයතනවල නිලධාරීන් කැ`දවා සාකච්ඡා කරන අතරතුර වාද්දුව ප්‍රදේශයේ හෝටලයක පැවැති මංගල්‍යයකට ද ජනපති සහභාගී වූවේය.

බ්‍රහස්පතින්දා දහවල් ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබුණ ද ජනපති කලින් දින වෙන් කර ගෙන තිබූ රාම[්[ නිකායේ උපසම්පදා මහෝත්සවයට යාමට ද අමතක නොකළේය. එහිදි රාම[්[ නිකායේ මහනායක මකුලෑවේ විමල නාහිමියන් ඇතුළු සංඝරත්නය ජනපතිට ආශීර්වාද කළේ ඉන්දීය ගමන සාර්ථක සංචාරයක් වන ලෙසටය.

උත්සවය අවසානයේ ජනපති රනිල් ඊට සහභාගීවීමට පැමි‚ ජනතාවට අතරට ද ගියේ ඔවුන්ගේ දුක සැප විමසීමටය. මෙහිදි පැමිණ සිටි අයෙකු විමසා සිටියේ ජනාධිපති වී වසරක් ගතවෙලා නේද ඉදිරි සැලසුම් මොනවාද යන්නය.

රට ගොඩගන්න එක වගේම රටේ දරුවන්ට හො`ද රටක් හදන්න තමයි මගේ බලාපොරොත්තුව. රට යම් මට්ටමකට ඇවිල්ලා තියෙනවා. නමුත් තව යන්න ´නේ. අපි ඔක්කොම එකතු වෙලා රට හදමු.˜ ජනපතිගේ පිළිතුර එය විය.

ජනතාව සමඟ කතා බස් කරමින් සිටි ජනපති රනිල් තමන්ට විදේශගතවීමට ඇති බව පවසමින් සියළු දෙනාගෙන්

සමුගෙන ඉන් පිටව ගියේය. මේ අවස්ථාවට හිටපු කතානායක කරු ජයසූරිය මෙන්ම ස.ජ.බ. මන්ත්‍රීනි තලතා අතුකෝරල ද එක්ව සිටියහ.

ලොකු අයියාගෙන් ඉහළ පිළිගැනීමක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනාවකට අනුව ජනපති රනිල් ඇතුළු පිරිස ඉන්දීයාව බලා පිටත්ව ගියේ බ්‍රහස්පතින්දා සවසය. ඔවුන් ඉන්දියාවේදී පිළිගනු ලැබූවේ ඉන්දීය ස්වදේශ කටයුතු ඇමතිවරයා විසිනි. එදින රාත්‍රියේම ජනපති ඉන්දීය විදේශ ඇමති සුබ්‍රමනියම් ජයශංකර් හා ද්විපාර්ශවික සාකච්ඡා ආරම්භ කළේය.

ඉන්දීය සංචාරය අතරතුර මෝදි අගමැතිවරයා, හා ඉන්දීය මුදල් ඇමතිවරිය ජනපති මුණ ගැසී සාකච්ඡා කළේ සිකුරාදාය. එදින රාත්‍රියේ ජනපති රනිල් ඇතුළු දූත මණ්ඩලය යළි මෙරට බලා පැමි‚යෝය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *