IMF ණය ලබා ගැනීමට චීන සහාය හිමිවේ.

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලිය 2.9ක ණය මුදලක් ලබා ගැනීම සදහා දකුණු ආසියානු රටවලට ඇති අයිතිය තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා සහාය දෙනව බවට චීනය සහතික වී ඇත.
ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා ඊයේ මාර්තු 6 වන දින චීනයේ අපනයන-ආනයන බැංකුව හරහා Export-Import Bank of China ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ලිඛිත සහයෝගය ලබා දී ඇති බව නිවේදනය කළේය.
මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් නිකුත් කිරීමට නියමිත ණය ලබා ගැනීම සදහා චීන සහාය ලබා දෙන බව bloomberg .com වෙබ් අඩවිය වාර්තා කර සිටී.