වාහන ආනයන සීමා මේ වසර අවසානයේදී සම්පූර්ණයෙන්ම ඉවත් කෙරේ

0

පෞද්ගලික වාහන හැර අනෙකුත් වාහන ආනයන සීමා මේ වසර අවසානයේදී සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රධානීහු රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට අද දැනුම් දුන්හ.

වාහන ආනයන සීමා කිරීම් කොපමණ කාලයක් ක්‍රියාත්මක වේද යන්න පිළිබඳව කාරක සභාව විමසූ අවස්ථාවේදී ඔවුහු මෙසේ සඳහන් කළහ.

මේ අතර සංක්‍රමණික දීමනාවට පළමු වරට හිමිකම් කියන විශ්‍රාමිකයන් සඳහා සංක්‍රමණික දීමනාව ඇමරිකානු ඩොලර් 30000සිට 50000 ක උපරිමය දක්වා වැඩි කෙරෙන බව එහිදී සඳහන් විය.

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (5) රැස්විය.

අංක 2341/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ ඇති රෙගුලාසි පිළිබදව අවධානය යොමු කළ කමිටුව ඊට අනුමතිය ලබා දුන්නේය.

තවද 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ අංක 2338/40 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝගයටද අනුමැතිය දුන් බව කාරක සභාව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *