ඊශ්‍රායල – හමාස් තාවකාලික සටන් විරාමයක් ?

ගාසා තීරය සහ ඊජිප්තුව අතරේ ඇති ‘රෆා’ දේශසීමාව පැය කීපයකට පමණක් විවෘත කරමින්, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලා යමින් සිටින පලස්තීනුවන්ට ඊජිප්තුවට ඇතුළුවීමට අවසර දීමට ඊශ්‍රායල රජය කැමැත්ත පළ කර තිබේ.

ඊජිප්තු රජය මෙම තීරණය ගත්තේ, එරට ජනාධිපති අල් සීසී සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ පැවැති දුරකතන සාකච්ඡාවකින් පසුවය.

ගාසා තීරයේ පලස්තීන වැසියන්ට දේශසීමා හරහා ඊජිප්තුවට යෑමට ඉඩ ලබා දීමටත්, තාවකාලික සටන් විරාමයකට යෑමටත් ඊශ්‍රායලය කැමැත්ත පළ කර ඇතැයි ඇතැම් මාධ්‍ය පවසා තිබේ.