බලංගොඩ නායයෑමකින් සිව්දෙනෙකු අතුරුදහන් වෙයි

බලංගොඩ ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් සිව්දෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

බලංගොඩ – ගවරන්හේන, වැහින්තැන්න ප්‍රදේශයේ නායයාමක් සිදුව තිබෙයි.

මේ හේතුවෙන් නිවාස තුනක් හානි සිදුව ඇති අතර නාය යාමට ලක්ව ඇති මෙම ප්‍රදේශයට දෙවැනි මට්ටමේ නාය අවදානම් නිවේදන නිකුත් කර තිබූ ප්‍රදේශයක් බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණායතනයේ රත්නපුර දිස්ත්‍රික් භූ විද්‍යාඥ ඉංජිනේරු අභිත වනසුන්දර මහතා පැවසීය.

රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හා ජාතික ගොඩනැඟිලි පර්යේෂණායතනයේ කාර්ය මණ්ඩලය ද, යුද හමුදා සමාජිකයන් ඇතුළු සහන කණ්ඩායම් ඊයේ රාත්‍රියේ සිටම විපතට පත් වූවන් මුදා ගැනීමේ කටයුතුවල නිරතව සිටී.