වමට සිග්නල් දමා දකුණ හැරවීම විකල්පය නොවේ

0

ලෝකයේ ඕනෑම රටක දේශපාලන ආර්ථික ව්‍යාකූලත්වයන් ඇතිවීමෙන් අනතුරුව ආර්ථිකමය වශයෙන් අර්බුදයන්ට ලක්වීම සාමාන්‍ය තත්වයකි. මෙකී අභාවාචකයට උදාහරණ දැක්විය හැකි රාජ්‍යයන් ඕනෑ තරම් ඇත. ශ්‍රී ලංකාව තුළ පසුගිය වසරක පමණ කාලයක් තුළ ඇතිවූ අර්බුද සහ සිවිල් අරගල විසින් ඇති කළේද එවැනි තත්වයකි. ශ්‍රී ලංකාව දැන් මුහුණ දෙන අභියෝගය යළි යථා තත්වයට පත්වීම සඳහා ගත යුතු පියවර තීරණය කිරීම සම්බන්ධයෙනි.

එහෙත් මෙවැනි අර්බුදයන් සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය ගැන ලෝකය උගත් පාඩම් රැසක් තිබේ. විශේෂයෙන්ම මිට දස වසරක්ට පමණ පෙර සිට ග්‍රීසිය මුහුණ දුන් තත්වයන් ඉගෙන ගන්නවා නම් මෙරට අර්බුදය විසඳීම සඳහා හොඳම පියවර කුමක්ද යන්න ගැන අවබෝධයක් ලබා ගත හැක. ආර්ථික අර්බුදය හමුවේ වූ දේශපාලන පෙරැළි විසින් ග්‍රීසියේ අනාගතය කෙසේ තීරණ කළේද යන්න ගැන උගත යුතුම රට ග්‍රීසියය. එරට දේශපාලන හැඩ ගැස්මද මෙරට මුහුණුවර හා ඉතා සමීපය.

මෙරට වාමාංශික පක්ෂ, ජාතිකවාදී පක්ෂ හා වෘත්තීය සමිති ව්‍යාපාර දිගින් දිගටම ෂඵත්‍ වීරෝධී ස්ථාවරයක සිටියේය. ෂඵත්‍ කොන්දේසි වලට යටවී ණය ගැනීම තරයේ ප්‍රතික්ෂේප කරමින් ඊට යොමුවූ පාලනාධිකාරයන්ට විරුද්ධව කටයුතු කළේ මේ බටහිර අධිරාජ්‍යවාදී ගැතිකම යනුවෙන් අර්ථ දක්වමිනි. මේ විරෝධතා හරහා රටේ බලය ලබාගැනීම සඳහා වන විපක්ෂ දේශපාලන රැළිද නිර්මාණය කරමින් ආණ්ඩු පෙරැළි සිදු විය. ග්‍රීසියේ අත් දැකීමද එවැනිය.

ග්‍රීසියේ 2012 මහ මැතිවරණයේ දී ප්‍රධාන විපක්ෂ බලවේගය ලෙස ඉදිරියට ආ ‘සයිරිසා ව්‍යාපාරය’ (ීශඍෂ’් ඵදඩැපැබඑ) දේශපාලන පක්ෂයක් වශයෙන් වසර කිහිපයක් තුළ ස්ථාපිත විය. ග්‍රීසිය පුරා විවිධ බහුජන සංවිධාන රාශියක් ඒකරාශී කරමින් සයිරිසා ව්‍යාපාරය ආරම්භ වූයේ 2005 වසරේ පමණය. එහි දී සයිරිසා නායකයා වශයෙන් සිටි ඇලෙක්සිස් සිප්‍රාස් බහුතර ඡන්දයෙන් පක්ෂ නායකයා වශයෙන් තෝරා පත් කර ගැනුණි. එවකට ග්‍රීසියේ පැවැති ආර්ථික අර්බුදය හා පාලක පක්ෂයේ අසමත්භාවය හේතුවෙන් සයිරිසා ව්‍යාපාරයේ දේශපාලන අරගලය එරට පීඩිත ජනයා අතර ආකර්ෂණයට පත් විය. ලෝකයේ වාමාංශික දේශපාලන ක්‍්‍රියාකාරීන් අතර ද ආකර්ෂණයක් ඇති කරමින් මෙම ව්‍යාපාරය ග්‍රීසියේ ජනප්‍රිය විපක්ෂය බවට පත් විය. සයිරිසා ව්‍යාපාරයේ ශක්තිය වූයේ එහි සාමාජික සංවිධාන වශයෙන් පැවැති වෘත්තික හා විද්වත් සංගම්, ගොවි සංවිධාන, නාගරික පුරවැසි කමිටු, ශිෂ්‍ය සංවිධාන හා කොමියුනිස්ට් කණ්ඩායම්වල සටන්කාමීත්වයයි.

”බලාපොරොත්තුව අද ආරම්භ වේ” 2015 ජනවාරි 25 වැනිදා රැඩිකල් වාම සයිරිසා පක්ෂය මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ඇලෙක්සිස් සිප්‍රාස් ග්‍රීක ජනතාවට යැවූ පණිවිඩය විය. එහෙත් වසර දෙකහමාරකට පසුව මේ සුබවාදී තත්වය පහව ගොස් රාජ්‍ය වියදම් අඩු කිරීම, ප්‍රධාන රාජ්‍ය වත්කම් පුද්ගලීකරනය කිරීම සහ බදු ආදායම් වැඩි කිරීම හරහා මූල්‍ය කප්පාදුව අනුගමනය කිරීම ආරම්භ විය. රාජ්‍ය සේවකයන් විශාල සංඛ්‍යාවක් සේවයෙන් නෙරපා හරින ලද අතර සෞඛ්‍ය, සමාජ සේවා කප්පාදු කරන ලදී, විශේෂයෙන්ම ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමට නොහැකි විය. ඉන් පසුව අර්බුද තීව්‍ර විය. ආර්ථිකය 26% කින් හැකිලී ගියේය, විරැකියාව 27% දක්වා ඉහළ ගියේය, තරුණ විරැකියාව 60% දක්වා ඉහළ ගියේය, මිලියන 3 කට වැඩි ජනතාවක් දරිද්‍රතා රේඛාවේ හෝ ඊට පහළින් සිටියහ. කෙසේ නමුත් ග්‍රීසියේ අර්බුදයට විසදුම් සෙවීමේ වාමවාදී ප්‍රයත්නය අසාර්ථක විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යොමු කළ කොන්දේසී සපුරාලීමට මෙම රජයට නොහැකිවීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපීය කොමිසම, යුරෝපීය මහ බැංකුව සහ යුරෝපීය ණය දෙන්නන් බැහැර විය.

අර්බුදය තීව්‍ර වීම සමග පාලනය වෙනස් කිරීමට නැවත වාරයක් ග්‍රීසියට සිදුවන අතර එහිදී සයිරිසා අගමැති සිප්රාස් 2015 අගෝස්තු 20 දින අගමැති ධූරයෙන් ඉල්ලා අස් වූ අතර සැප්තැම්බර් 20 වැනි දින නැවත මැතිවරණයක් කැඳවීය. පසුව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමග සන්ධාන ගතව බලයට පත් වන සයිරිසා පක්ෂය අගමැති ලෙස ඇලෙක්සිස් සිප්‍රාස් නැවත පැමිණෙන අතර ඔහු එතැන් පටන් රටේ ජාත්‍යන්තර ණය හිමියන් සමඟ මාස ගනනාවක් තිස්සේ සිදු වූ සාකච්ඡා වලින් පසුව, යුරෝ බිලියන 85 (පවුම් බිලියන 60) ක තුන් අවුරුදු ණය සහනයක් වෙනුවෙන් කොන්දේසි පිළිගැනීමෙන් පසුව එය ලැබුණි. 2019 දී සයිරිසා අගමැතිට එරෙහිව විශ්වාස භංගයක් පැමිණෙන් අතර එයද ජය ගැනීමට අගමැතිවරයා සමත් වේ. කෙසේ නමුත් රාජ්‍ය වියදම් කප්පාදුවත්, යුරෝපය සමග ගිවිසුම සහ දරිද්‍රතාවයට හා නව ලිබරල්වාදයට එරෙහි සටනත් අතර තුලනයක් ඇති කරගැනීම සඳහා සමාජ ප්‍රතිසංස්කරණ සහිත ”සමාන්තර වැඩසටහනක්” සඳහා ඇලෙක්සිස් සිප්‍රාස් පොරොන්දු විය. අවම වැටුප ඉහළ නැංවීම, අවම ආදායම් යෝජනා ක්‍රමයක් හඳුන්වාදීම, සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා අයවැය ඉහළ නැංවීම යනාදිය ප්‍රධාන ප්‍රතිසංස්කරණවලින් කිහිපයක් සිදුකරමින් සිප්රාස් ගෙන ගිය පාලනය ගෙන ගිය නමුදු 2019 මැයි 26 දා කැඳවූ මැතිවරණයෙන් 40%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන පූර්ණ බහුතරයක් ලෙස ආසන 158ක් දිනාගත් ණහරස්නදි ඵසඑිදඒනසි විසින් නායකත්වය දුන් මධ්‍ය දක්ෂිණාංශික ලිබරල් කොන්සර්වේටිව් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ජයග්‍රහණය කළේය.

කෙසේ නමුත් පැවැති දැඩි අර්බුද හා දේශපාලන වෙනස් කම් යටතේ සුබ දායක ආර්ථික වටපිටාවක් උදාකර ගැනීමට අසමත් වූ ග්‍රීසිය 2020 වසර වන විට මුහුණ දෙන දරුණු කොවිඩ් අර්බුදය හමුවේද තවදුරටත් අර්බුදයේ සිර විය. පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පතමින් ඉදිරිපත් කර තිබු ණය අයදුම්පත සලකා බලා තව දුරටත් ප්‍රතිසංස්කරණ සිදුකළයුතු බව දන්වමින් අරමුදල දැන්වූයේ, ප්‍රාග්ධන වෙළඳපොළ ප්‍රවේශය සෙමෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතන නමුත් ග්‍රීසියට තවමත් අර්බුද මට්ටම් ජයගැනීමට ආදායම් සඳහා ඉතා දිගු ගමනක් යාමට තිබෙන බවත් යුරෝ කලාපය තුළ සමෘද්ධිමත් වීමට අවශ්‍ය මූලික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ග්‍රීසියට දැන් හුස්ම ගැනීමේ අවකාශය තිබේ යන්නය.

ග්‍රීසියට වසංගත පාලන ක්‍රියාමාර්ග හමුවේ රාජ්‍ය ණය තවදුරටත් වැඩි විය. ආර්ථික අර්බුදයෙන් මත වැඩිවන ණය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ක්‍රම කිහිපයක් යෝජනා විය. බදු වැඩිකිරීම්/රජයේ වියදම් අඩු කිරීම,ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ (අර්ධ) ණය කපා හැරීම් ආදියය. ඒ අනුව වන ආර්ථික වර්ධනය, කාලයත් සමඟ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය බර හැකිලීමට උපකාරී වෙනු ඇති බව අරමුදලේ මතය විය. මේ වන විට දැඩි කොන්දේසි යටතේ ජාත්‍යන්තර මූළ අරමුදලේ සහාය ලැබී ඇති ග්‍රීසිය ක්‍රමයෙන් වර්ධිත ආර්ථිකයකට අත පොවා ඇති බව පැහැදිලිය. මෙම ඉදිරිපත් කිරීම දෙස බැලූ විට ලංකාව තුළත් මීට නොදැවෙනි දේශපාලනික සහ ආර්ථික පසුතලයක් වර්තමානයේ ක්‍රියාත්මක වෙමින් පවතී.

ග්‍රීසියේ තත්වය මෙසේ වන තැනක ලංකාවේ වාමාංශික යැයි කියා ගන්නා සංවිධාන වෘත්තීය සමිති මේ අර අදින්නේ ග්‍රීසියේ අසාර්ථකත්ව ලංකාවටද උදාකර දීමටද? කඩා වැටුණු ආර්ථිකයක් ගොඩනගා ගැනීමට විවිධ මතවාද වල සිටි පාලකයන් අත්හදා බැලීමෙන් පසුවත් නොහැකි වූ ග්‍රීසිය අසාර්ථකම රාජ්‍යයක් බවට පත් විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීමට පළමුව අකමැති වූ දේශපාලන ව්‍යාපාර, පසුව කරකියා ගන්න දෙයක් නොමැතිව ජාත්‍යන්තර අරමුදලේ පිහිට පැතීමට ගියේය. එහෙත් සපුරාලිය යුතු සාධක කිසිවක් සපිරීමට නොහැකි වූ විට ජාත්‍යන්තර අරමුදලද ග්‍රීසියට එවක ණය ලබා දීමට අකමැති විය.

ලංකාවද මේ තත්වයට පත් කිරීමට දැන් ව්‍යාජ රැලි මවා පාමින් සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ හා වෘත්තීය සමිති කටයුතු කරමින් සිටී. ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා ගන්නා උත්සාහයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා පැහැදිලි කළේය. ඔහු එහිදී කියා සිටියේ අනේක විධ කඩා වැට්ටීම් හමුවේ ජාත්‍යන්තර අරමුදල විසින් සපුරාලිය යුතු යැයි සදහන් කළ කොන්දේසි 15ම මේ වන විට සම්පූර්ණ කිරීමට ලංකා රජය කටයුතු කර ඇති බවයි. ඒ අනුව නොබෝ කලකින් ණය මුදල ලැබුනු පසු රට නැවත නගා සිටුවීම සදහා පියවරයන් එකින් එක දියත් කිරීමට වර්තමාන රජය කටයුතු කරමින් සිටී.

එහෙත් මෙය නොඉවසන මේ විපක්ෂ කොටස් ග්‍රීසියේ අත්දැකීම මෙරටට අත්පත් කරදීමට දරණ උත්සාහය ජනතාව තේරුම් ගත යුතුව තිබේ. ග්‍රීසියේ දේශපාලන බලය වෙනුවෙන් ඒ ඒ කණ්ඩායම් දියත් කළ සහ උපයෝගී කොටගත් සිවිල් අරගලය නිසා වසර ගණනාවක් එම ජනතාව බැට කෑවේය. එමෙන්ම මේ දේශපාලන වියවුල් කාරිත්වය නිසාම ජාත්‍යන්තරය විසින් එක පිට එක සම්බාධකද නීති රීති කොන්දේසි පැනවීම් ද සිදු කළේය. මුල්‍ය අරමුදලද අහක බලාගත්තේය. ජනවරමක් තිබුණා නැතා කුමක් හෝ කල් පවතින ආණ්ඩුවක් නොමැතිව ජ්‍යාතන්තරය රටක් සමඟ කටයුතු කරන්නේ නැත.

සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑම මොහොතකම ලෝකයේ සෑම රටක් සම්බන්ධයෙන්ම ආර්ථික තත්ත්වයන් තක්සේරු කරන අතර එම රටවලට තිරසාර සංවර්ධනයක් ඇති කිරිමට අවශ්‍ය ප්‍රතිපත්ති ද නිර්දේශ කරයි. එමඟින් ඔවුන් බලාපොරොත්තු වන්නේ රටක ආර්ථීකය සෑම විටකම නිසි මඟ යැවීමය. ඒවා කොන්දේසි නොවේ. ආණ්ඩු විසින් ගන්නා ඇතැම් දේශපාලනිකව වාසි ලැබිය හැකි ජනප්‍රිය තීන්දු රටක ආර්ථිකයට හානි කරන්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිරීක්ෂණ මඟින් රටක පාලකයන්ට ඒ බව කල් තබා දැන ගත හැකි වනු ඇත. එමගින් රටට හිතකර තීන්දු පමණක් ක්‍රියාත්මක කළ හැකිය, එමගින් ආරක්ෂා වන්නේ රටේ ආර්ථිකයය.

2019 වන විටත් පැවැති යහපාලන ආණ්ඩුව කටයුතු කළේ එම නිර්දේශ ප්‍රකාරවය. මන්ද ඒ වන විටත් රට තිබුණේ අර්බුදයක අවදානම සහිතවය. ඒ පැවැති රාජපක්ෂ පාලනය විසින් රට ණය උගුලක පටවවා තිබීම නිසාය. එසේම ජාත්‍යන්තරව භූ දේශපාලනික ගැටුමකට රට නතුව තිබිණි. එහෙත් එම මර උගුල්වලින් රට මුදවා ගැනීමට එවකට අගමැති රනිල් සමත්ව සිටියේය. බටහිර කඳවුර ප්‍රමුඛ ඉන්දියාව මෙන්ම චීනය තරහ නොකර ගනිමින් මිතුරන් ලෙසින් තබාගැනීමට ඔහු සමත්විය. වරතමානය තුළද ඒ දේශපාලන පරිචය යොදාගනිමින් අර්බුදය සමනය කරගැනීමට ඔහු සමත් වෙමින් තිබේ. නොඑසේ වන්නට මේ අර්බුදයෙන් රට ගලවා ගැනීමට නොහැකි වනු ඇත.

කොහොම නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එපා යැයි කියන වාමාංශික නායකයෝද තමන්ගෙ ඇත්ත ප්‍රතිප්ති ප්‍රකාශයන් සඟවාගෙන දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය අවශ්‍ය බව පවසමින් තිබේ. එය සාධනීයය. පසුගියදා ගලධාරී හෝටලයේ පැවැති ජාතික ජන බලවේගයේ ව්‍යාපාරික හමුවකදී අනුර දිසානායක මේ බව වහෙන්ඔරෝ ලෙස සදහන් කොට තිබිණි. සජබයටත් වෙනත් විසඳුම් නැත. එය එසේ වූවත් මේ ක්‍රියාත්මක වන්නේ නිවැරදි ගමනාන්තයක් ඉලක්ක කරගෙන යන ආණ්ඩුව පෙරළා දමා තමන්ට බලය හිමි කරගැනීමේ තක්කඩි වෑයමක් විනා, රනිල් අනුගමනය කරන ප්‍රතිපත්තිවල ගැටළුවක් නොවේය. සාධාරණ පදනමක් නොමැතිව, ඇත්ත වසන් කරමින් වීදි සටන්, ප්‍රචණ්ඩ අරගල කොට අර්බුද නැවත නැවත නිර්මාණය කිරීමට සැරසෙන්නේ ග්‍රීසියක් නම් එය විපක්ෂයට කළ හැකිය. නමුත් එහි අවසානයේ දීත් ආර්ථිකය ගොඩ දා ගැනීමට පිහිට පත්න්න වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේමය. නමුතු එදාට අරමුලලේ කොනදේසි දරුණු විය හැකිය. මන්ද ඒ වන විට රට මීට වඩා ගැඹුරු අගාධයකට වැටී තිබීම සිදුවන නිසාය. මේ අනුව රටේ ජනතාව කබලෙන් ලිපට ඇද දමා සිදුකිරීමට උත්සාහ දරණ මේ බල ලෝභී දේශපාලනය මොන තුපපහි වැඩක්ද යන්න ජනතාව මේ විපක්ෂයන්ගෙන් විමසිය යුතුව ඇත.

කේ.පී.අයි. ප්‍රියංගනී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *