මාගල්ලා වගේම බේගල්ලාගෙනුත් ප්‍රවේශම් විය යුතුය.

0

“ආගමක් වඩා යහපත් වූ විට එය තමාටම පිහිටවනු ඇතැයි මම පිළිගනිමි. සහ එය තමන්ටම සහාය නොදක්වන විට සහ දෙවියන් වහන්සේ එයට සහාය දැක්වීමට වගබලා නොගන්නා විට, එහි න්‍යායචාර්යවරු සිවිල් බලයේ උපකාරය ඉල්ලා සිටීමට බැඳී සිටින විට, එය නරක එකක් වන බවට ලකුණක් ලෙස මම සලකමි.” මේ ඇමරිකාවේ කීර්තිමත් රාජ්‍ය නායකයකු වූ බෙන්ජමින් ෆ්රෑන්ක්ලින්ගේ අදහසකි. මෙකී ප්‍රකාශය තත්කාලීන ශ්‍රි ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන ක්‍රියාකාරීත්වය කෙරේ ආගමික පාර්ශවයන් කෙරෙන් එල්ලවන බලපෑම සැලකීමේ දී අතිශය වැදගත් සහ සත්‍යවාදී යැයි කිව හැකිය.
ශ්‍රී ලංකාවේ සමාජ දේහය තුළ ආගමික සංස්ථාවන්ට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. ඒ ඔවුන්ගේ සුපේෂල ශික්ෂාකාමීත්වය, වඩා යහපත් දෑහිතකාමී සදාචාරවත් භාවිතාව හෝ ධර්මානුකූල දිවි පැවැත්ම නිසා නොව රටවැසි සැමට උපතින් හිමිකර දී ඇති බලහත්කාරී ආගමික බැඳියාව (ශ්‍රද්ධාව) සහ ප්‍රශ්න නොකර පිළිගැනීමේ (භක්තිය) සංස්කෘතියක උරුමක්කාරයන් කොට ඇති බැවිනි. බෞද්ධ, කිතුනු, ඉස්ලාම් හෝ හින්දු වේවා මේ සෑම ආගමික සංස්ථාවකම ලාංකේය භූමියේ පැවැත්ම රැඳී ඇත්තේ, පෙර කී යථාර්තයට අනුගතවය. “නජජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රහ්මණෝ” යැයි බුදුන් වහන්සේ දේශනා කොට ඇති නමුත් ශ්‍රී ලාංකේය ප්‍රජාවෙන් අතිශය බහුතරයක් බොදුනුවෝ වුවද ඔවුන්ගේ ආගමික උරුමය ද උපන් දා සිට හිමිකර දෙනු ලබන නිත්‍ය දායාදයක් කිරීමට නූතන බුදුදහම (ඕල්කට් බෞද්ධ) සමත්ව තිබේ. ඒ අනුහසින් එදා පටන් අද දක්වාම බෞද්ධ භික්ෂුහු මේ රටේ රාජ්‍ය පාලනයට අතපෙවීමට වගබලා ගත්තේය.

1956 බණ්ඩාරනායක අගමැතිවරයා බවට පත්කිරීම, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම, බණ්ඩාරනායක ඝාතනය, 1972 ජනරජ ව්‍යවස්ථාව ඇතුළෙ බුදු දහම රාජ්‍ය ආගම බවට පත්කර ගැනීම, මෙරට ජාතික ගැටලු‍ව නිර්මාණය කිරීමෙහිලා සැලකිය යුතු කාර්ය භාරයක් සිදු කිරීම සහ ඊට සාමකාමී විසඳුම් යෝජනා ගෙන ආ සෑම විටම විරෝධතා දැක්වීම වගේම කඩාකප්පල් කිරීම ආදිය ලංකේය භික්ෂු සංස්ථාව රාජ්‍ය පාලනයට අතිශය බැරෑරුම් ලෙස මැදිහත් වූ සංඛේතීය අවස්ථා කිහිපයකි. ඊට අවශ්‍ය සමාජ අවකාශයේ ඉඩහසර නිර්මාණය කිරීමෙහිලා වල්පොල රාහුල හිමියන්ගේ “භික්ෂුවගේ උරුමය” කෘතිය මගින් මුල් කාලයේ සැලකිය යුතු කාර්යයක් ඉටුකරන ලදී. පසුකාලීනව පාඨලී චම්පික රණවකගේ හෙළ උරුමය විසින් දේශපාලන භූමියේ සිය සළකුණ සනිටුහන් කරගැනීම වෙනුවෙන් බෞද්ධ භික්ෂූහු පාර්ලිමේන්තු වරප්‍රසාදලාභී මහජන නියෝජිතයන් බවට පත්කර ගැනීමද මෙහිලා අතිශය තීරණාත්මක කාර්යයක් ඉටු කළේය. අද රට ආර්ථිකවත්, සමාජයීයවත් ගරාවැටුණු දිශානතිය ඔවුන්ගේ දේශපාලන ක්‍රියාකාරීත්වයේ සැබෑ මාවත විය. එසේම පසුගිය වසරේ සිදුවූ රාජ්‍ය නායක මාරුව නිසා යම් පසුබැසීමකට ලක් වූ බෞද්ධ ආගමික සංස්ථාව අද ද රට සංවර්ධන ක්‍රියාදාමයේ තීරණාත්මක අවස්ථාවන්හිදී බලපෑම් කිරීමට බලමුළු ගන්වමින් සිටී.

කාදිනල්ගේ මැදිහත්වීම
“අපේ රට හිඟාකන තත්ත්වයට පත්කරන නායකයෝ පිරිසක් තමයි අද මේ රටට පත්වෙලා ඉන්නේ. ඊයේ පෙරේදා ජනාධිපතිවරයා කියනවා කොළඹ වරාය දිගු කරනවාලු‍ දික්ඕවිටට. මොනවද මේ සිහින? මේවා කරන්න පුළුවන් දේවල්ද? අපේ දැන් තියෙන වරායවත් ඒ අයට පාලනය කරගන්න බැරුව එක එක රටවලට දෙනවා. ඉලක්කයට මේ මුළු පමුණුගම තීරයම. මේවගෙන් මුදල් හම්බකරලා කාල බීලා ජොලි කරලා ඊට පස්සේ ඒ අය මැරිලා යයි. රටේ මිනිස්සුන්ට රොඩු විතරයි ඉතුරුවෙන්නේ මේ ක්‍රමවේදය තුළ. 2048ක් එන්නේ නැහැ. 2048 එන්න කලින් මෙහෙම ගියොත් නම් විනාශ වෙනවා.” යැයි පසුගිය දිනක මැල්කම් රංජිත් කාදිනල් හිමියන් මාධ්‍ය කැඳවා කිව්වේය. ඔහුගේ එම ප්‍රකාශයට පාදක වූයේ දේශීය ණය ප්‍රසස්ථකරණයට අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබීමය.

කාදිනල්වරයාගේ මේ විවේචනය සහිත විරෝධයේ ඉලක්කය සහමුලින්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් ගෙන යන ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලය. ඒ තුළ රට විනාශ වන බව කාදිනල් හිමියන් කියයි. නමුත් රටම දන්නා පරිදි කාදිනල් හිමියන්ගේ ද ආශිර්වාදය, අනුදැනුම හා අනුග්‍රහය මත පසුගිය කාලය පුරා ක්‍රියාත්මක වූ දේශපාලන බලාධිකාරීන්ගේ අත්තනෝමතික හෝ නොපිරුණු තීන්දු තීරණ නිසාම රට කඩා වැටීමට ගොදුරු වූ බව උන්වහන්සේට අමතකය. තවදුරටත් කාදිනල් හිමියන් පවසන්නේ, “විදේශීය බැංකුවලින් ණය අරන් දැන් ණය ප්‍රතිව්‍යුහගතකරනවා කියලා මොකක්දෝ හොර වැඩපිළිවෙලක් යනවා මේ දවස්වල. මොකක්ද මේ ක්‍රමවේදය. මේ රට ඇතුළෙම තියෙන දෙවල් වලින් රට පෝෂණය කරලා මේ ආර්ථිකය ස්වයංපෝෂිත ආර්ථිකයක් කරන්නට කටයුතු කරන්නේ නැතිව මේ ගොල්ලෝ කරන්නේ විදේශීය රටවල් වලින් ණය අරගෙන

කා බිබී ඉන්නවා…. මේ ක්‍රමවේදය තුළ අපි සේරම වහල් ජාතියක් බවට පත්වෙලා තියෙන්නේ.” යැයි කිවේය.
කාදිනල්වරයා තවමත් මේ රටේ පසුගිය දශක ගණනාවක් පුරා සිංහල බෞද්ධ ජාතිකවාදීන් විසින් ජපකරපු මන්තරය අලු‍ත් සොයාගැනීමක් සේ මහත් ආඩම්බරයෙන් කියාපෑම සාතිශය හාස්‍යජනකය. මන්ද ලෝකයේ සංවෘත්ත ස්වයං පෝෂිත මිත්‍යාවේ ගිලු‍ණු කිසිවකුට තවමත් ඉදිරි ගමනක් අත්ව නොමැති බැවිනි. එසේම තමන් නොදන්නා ආර්ථික න්‍යායාත්මක කරුණු සම්බන්ධයෙන් තමන්ගේ හිතලු‍ වචන බවට පත්කොට බොරු බේගල් සමාජගත කර තමන්ගේ බල වුවමනාවන් සන්තර්පනය කරගැනීමට උත්සාහ දැරීම බාල වැඩකි.

එපමණක් නොව කාදිනල් හිමියන් මේ රටේ පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් බලපෑම් සහගත ප්‍රකාශයක් සිදුකර තිබේ. ඒ කාදිනල් හිමියන් විසින් කතානායකවරයා ප්‍රමුඛ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්ට පිටු තුනක අතිශය රහස්‍ය ලිපියක් යොමුකරමිනි. එමගින් උන්වහන්සේ ඉල්ලා ඇත්තේ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු වන දේශබන්දු තෙන්නකෝන් සහ නිලන්ත ජයවර්ධන යන අයගේ නම් පොලිස්පති ධුරය සම්බන්ධ යෝජනා වුවහොත් ඒ ගැන සලකා බැලීමක්වත් නොකරන ලෙසය.

රාජ්‍යයක ඉහළ ආරක්ෂක නිලධාරීන් පත් කිරීම සම්බන්ධයෙන් කාදිනල් හිමියන්ගේ මේ බලපෑම් සහගත මැදිහත්වීම සිහිගන්නවනු ලබන්නේ, මධ්‍යතන යුරෝපයේ ඛේදනීය අත්දැකීම් ය. පල්ලියේ බලපෑමට නතු වූ රාජ්‍ය පාලනයන් නිසා ලෝක ඉතිහාසයට එක්කර ඇත්තේ, අතිශය දුර්දාන්ත අත්දැකීම්ය. එවැනි පරිසරයක් ලංකාව තුළ නිර්මාණය කිරීමට කාදිනල් හිමියන් යත්න දරන්නේ දැයි සැකකිරීම ද මේ අනුව සාධාරණය. මන්ද ආගමික නායකයන්ගේ කාර්යභාරය සහ රාජ්‍ය පාලකයාගේ කාර්යයන් සහසම්බන්ධව ඒකාබද්ධ කොටගත් සෑම තැනකම ඛේදනීය අවසානයක් උරුම වූ බව ඉතිසාහයේ අනත්තවත් පාඩම් කියවා ඇති බැවිනි. මෙකී පරිණත දේශපාලන අත්දැකීම් සහිත ශ්‍රී ලාංකේය රාජ්‍ය පාලකයකු වූ ජේ.ආර්. ජයවර්ධනයන් වරෙක පවසා ඇත්තේ, “හාමුදුරුවරු පන්සලේ ආගමික වැඩපල ටික බලාගෙන ඉන්න, මම ආණ්ඩු පාලන වැඩේ බලාගන්නම්” කියාය. එදා වගේම අදටත් එය වලංගුය. මන්ද ආගමික සංස්ථාව හැකි සෑම අවස්ථාවකම රාජ්‍යකරණයට අතපෙවීමට මානබලමින් සිටින බැවිනි. එදා මෙදා තුර ආගමික සංස්ථාවන්ගේ බලපෑම් හමුවේ රාජ්‍යයන් හෝ ආණ්ඩු විසින් ගන්නා ලද කිසිදු තීන්දුවකින් රටට සුගතියක් අත් නොවූ බව රටේ සංවර්ධන ප්‍රගතිය ලෙස විමසිලිමත් වන කවරකුට වුවද පැහැදිලි වනු ඇත. එනිසාම ආගමික අනුගාමිකයන්ගේ අධ්‍යාත්මික ගමන සහ රාජ්‍ය පාලකයන්ගේ ලෞකික සුඛවිහරණ ගමන වෙන් වෙන් වශයෙන් පවත්නේ නම් රටට යහපතක් මිස අයහපතක් නොවන්නේය.

ආගම සහ රාජ්‍යය
මිනිසුන්ට තම ඇදහිල්ල අත්හැරීමට, වෙනත් ආගමක් ඇදහීමට හෝ විවිධ ආකාරයෙන් ආගමික ඉගැන්වීම් අර්ථ දැක්වීමට ඇති නිදහස සහතික කිරීම සඳහා රාජ්‍යය ආගමෙන් වෙන් කිරීම ඉතා වැදගත් වේ. රාජ්‍යය විසින් එක් ආගමකට නිල අනුග්‍රහය දක්වන ඕනෑම තැනක සුළුතරය හෝ වෙනත් ආගමික කණ්ඩායම්වලට නිසැක වශයෙන්ම ඍණාත්මක ප්‍රතිවිපාකවලට මුහුණ පෑමට සිදුවීම අනිවාර්යයකි. ඒ නිසාම “රාජ්‍යයෙන් ආගම වෙන් කිරීම” අතිශය සාධාරණය. එසේම එහිදී රාජ්‍යයේ සමාජ, ආර්ථික හෝ දේශපාලන කටයුතුවලදී ආගමට කිසිදු කාර්යයක් නොමැති බව අවධාරණය විය යුතුය.
නමුත් ලිබරල්වාදී සමාජ ස්ථාපිතයක් තුළ අතිශය වැදගත්ම කරුණ නම් පුද්ගල නිදහසය. එම නිසා ආගම මිනිසුන්ගේ ජීවිතයෙන් ඈත් කිරීමට උත්සාහ කරනවාට වඩා, ආගම පුද්ගලික කාරණයක් ලෙස සැලකීම සහ එය මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතයට සීමා කිරීම අරමුණු කර ගත යුතුය. මක්නිසාද යත් ආගම දේශපාලනය සමඟ මිශ්‍ර වූ විට එය ජාතිවාදී කෝලාහල හා ප්‍රචණ්ඩත්වයට පාර කපන බව අප ඕනවටත් වඩා අත්දැක ඇති බැවිනි. එමනිසා තවදුරටත් එවැනි අභාවාචක අත්දැකීම් රටට අවශ්‍ය නැති බව බෞද්ධ කිතුනු වගේම සෑම ආගමකම අනුගාමික නායකකාරකාදීන් තේරුම්ගත යුතුය. දැන් අවශ්‍යව ඇත්තේ රට ඉදිරියට ගෙනයාමට හැකි සෑම උපකාරයක්, අනුග්‍රහයක් දැක්විය යුතු මොහොතක් මිස තවදුරටත් පර්යේෂණ මීයන් සේ කාලය කා දෑමීම’නොවන’බැවිනි.

“ආගමක් වඩා යහපත් වූ විට එය තමාටම පිහිටවනු ඇතැයි මම පිළිගනිමි. සහ එය තමන්ටම සහාය නොදක්වන විට සහ දෙවියන් වහන්සේ එයට සහාය දැක්වීමට වගබලා නොගන්නා විට, එහි න්‍යායචාර්යවරු සිවිල් බලයේ උපකාරය ඉල්ලා සිටීමට බැඳී සිටින විට, එය නරක එකක් වන බවට ලකුණක් ලෙස මම සලකමි.” මේ ඇමරිකාවේ කීර්තිමත් රාජ්‍ය නායකයකු වූ බෙන්ජමින් ෆ්රෑන්ක්ලින්ගේ අදහසකි. මෙකී ප්‍රකාශය තත්කාලීන ශ්‍රි ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන ක්‍රියාකාරීත්වය කෙරේ ආගමික පාර්ශවයන් කෙරෙන් එල්ලවන බලපෑම සැලකීමේ දී අතිශය වැදගත් සහ සත්‍යවාදී යැයි කිව හැකිය.

ශ්‍රී ලංකාවේ සමාජ දේහය තුළ ආගමික සංස්ථාවන්ට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. ඒ ඔවුන්ගේ සුපේෂල ශික්ෂාකාමීත්වය, වඩා යහපත් දෑහිතකාමී සදාචාරවත් භාවිතාව හෝ ධර්මානුකූල දිවි පැවැත්ම නිසා නොව රටවැසි සැමට උපතින් හිමිකර දී ඇති බලහත්කාරී ආගමික බැඳියාව (ශ්‍රද්ධාව) සහ ප්‍රශ්න නොකර පිළිගැනීමේ (භක්තිය) සංස්කෘතියක උරුමක්කාරයන් කොට ඇති බැවිනි. බෞද්ධ, කිතුනු, ඉස්ලාම් හෝ හින්දු වේවා මේ සෑම ආගමික සංස්ථාවකම ලාංකේය භූමියේ පැවැත්ම රැඳී ඇත්තේ, පෙර කී යථාර්තයට අනුගතවය. “නජජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රහ්මණෝ” යැයි බුදුන් වහන්සේ දේශනා කොට ඇති නමුත් ශ්‍රී ලාංකේය ප්‍රජාවෙන් අතිශය බහුතරයක් බොදුනුවෝ වුවද ඔවුන්ගේ ආගමික උරුමය ද උපන් දා සිට හිමිකර දෙනු ලබන නිත්‍ය දායාදයක් කිරීමට නූතන බුදුදහම (ඕල්කට් බෞද්ධ) සමත්ව තිබේ. ඒ අනුහසින් එදා පටන් අද දක්වාම බෞද්ධ භික්ෂුහු මේ රටේ රාජ්‍ය පාලනයට අතපෙවීමට වගබලා ගත්තේය.

1956 බණ්ඩාරනායක අගමැතිවරයා බවට පත්කිරීම, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම, බණ්ඩාරනායක ඝාතනය, 1972 ජනරජ ව්‍යවස්ථාව ඇතුළෙ බුදු දහම රාජ්‍ය ආගම බවට පත්කර ගැනීම, මෙරට ජාතික ගැටලු‍ව නිර්මාණය කිරීමෙහිලා සැලකිය යුතු කාර්ය භාරයක් සිදු කිරීම සහ ඊට සාමකාමී විසඳුම් යෝජනා ගෙන ආ සෑම විටම විරෝධතා දැක්වීම වගේම කඩාකප්පල් කිරීම ආදිය ලංකේය භික්ෂු සංස්ථාව රාජ්‍ය පාලනයට අතිශය බැරෑරුම් ලෙස මැදිහත් වූ සංඛේතීය අවස්ථා කිහිපයකි. ඊට අවශ්‍ය සමාජ අවකාශයේ ඉඩහසර නිර්මාණය කිරීමෙහිලා වල්පොල රාහුල හිමියන්ගේ “භික්ෂුවගේ උරුමය” කෘතිය මගින් මුල් කාලයේ සැලකිය යුතු කාර්යයක් ඉටුකරන ලදී. පසුකාලීනව පාඨලී චම්පික රණවකගේ හෙළ උරුමය විසින් දේශපාලන භූමියේ සිය සළකුණ සනිටුහන් කරගැනීම වෙනුවෙන් බෞද්ධ භික්ෂූහු පාර්ලිමේන්තු වරප්‍රසාදලාභී මහජන නියෝජිතයන් බවට පත්කර ගැනීමද මෙහිලා අතිශය තීරණාත්මක කාර්යයක් ඉටු කළේය. අද රට ආර්ථිකවත්, සමාජයීයවත් ගරාවැටුණු දිශානතිය ඔවුන්ගේ දේශපාලන ක්‍රියාකාරීත්වයේ සැබෑ මාවත විය. එසේම පසුගිය වසරේ සිදුවූ රාජ්‍ය නායක මාරුව නිසා යම් පසුබැසීමකට ලක් වූ බෞද්ධ ආගමික සංස්ථාව අද ද රට සංවර්ධන ක්‍රියාදාමයේ තීරණාත්මක අවස්ථාවන්හිදී බලපෑම් කිරීමට බලමුළු ගන්වමින් සිටී.


කාදිනල්ගේ මැදිහත්වීම

“අපේ රට හිඟාකන තත්ත්වයට පත්කරන නායකයෝ පිරිසක් තමයි අද මේ රටට පත්වෙලා ඉන්නේ. ඊයේ පෙරේදා ජනාධිපතිවරයා කියනවා කොළඹ වරාය දිගු කරනවාලු‍ දික්ඕවිටට. මොනවද මේ සිහින? මේවා කරන්න පුළුවන් දේවල්ද? අපේ දැන් තියෙන වරායවත් ඒ අයට පාලනය කරගන්න බැරුව එක එක රටවලට දෙනවා. ඉලක්කයට මේ මුළු පමුණුගම තීරයම. මේවගෙන් මුදල් හම්බකරලා කාල බීලා ජොලි කරලා ඊට පස්සේ ඒ අය මැරිලා යයි. රටේ මිනිස්සුන්ට රොඩු විතරයි ඉතුරුවෙන්නේ මේ ක්‍රමවේදය තුළ. 2048ක් එන්නේ නැහැ. 2048 එන්න කලින් මෙහෙම ගියොත් නම් විනාශ වෙනවා.” යැයි පසුගිය දිනක මැල්කම් රංජිත් කාදිනල් හිමියන් මාධ්‍ය කැඳවා කිව්වේය. ඔහුගේ එම ප්‍රකාශයට පාදක වූයේ දේශීය ණය ප්‍රසස්ථකරණයට අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබීමය.

කාදිනල්වරයාගේ මේ විවේචනය සහිත විරෝධයේ ඉලක්කය සහමුලින්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් ගෙන යන ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලය. ඒ තුළ රට විනාශ වන බව කාදිනල් හිමියන් කියයි. නමුත් රටම දන්නා පරිදි කාදිනල් හිමියන්ගේ ද ආශිර්වාදය, අනුදැනුම හා අනුග්‍රහය මත පසුගිය කාලය පුරා ක්‍රියාත්මක වූ දේශපාලන බලාධිකාරීන්ගේ අත්තනෝමතික හෝ නොපිරුණු තීන්දු තීරණ නිසාම රට කඩා වැටීමට ගොදුරු වූ බව උන්වහන්සේට අමතකය. තවදුරටත් කාදිනල් හිමියන් පවසන්නේ, “විදේශීය බැංකුවලින් ණය අරන් දැන් ණය ප්‍රතිව්‍යුහගතකරනවා කියලා මොකක්දෝ හොර වැඩපිළිවෙලක් යනවා මේ දවස්වල. මොකක්ද මේ ක්‍රමවේදය. මේ රට ඇතුළෙම තියෙන දෙවල් වලින් රට පෝෂණය කරලා මේ ආර්ථිකය ස්වයංපෝෂිත ආර්ථිකයක් කරන්නට කටයුතු කරන්නේ නැතිව මේ ගොල්ලෝ කරන්නේ විදේශීය රටවල් වලින් ණය අරගෙන කාකා බිබී ඉන්නවා…. මේ ක්‍රමවේදය තුළ අපි සේරම වහල් ජාතියක් බවට පත්වෙලා තියෙන්නේ.” යැයි කිවේය.

කාදිනල්වරයා තවමත් මේ රටේ පසුගිය දශක ගණනාවක් පුරා සිංහල බෞද්ධ ජාතිකවාදීන් විසින් ජපකරපු මන්තරය අලු‍ත් සොයාගැනීමක් සේ මහත් ආඩම්බරයෙන් කියාපෑම සාතිශය හාස්‍යජනකය. මන්ද ලෝකයේ සංවෘත්ත ස්වයං පෝෂිත මිත්‍යාවේ ගිලු‍ණු කිසිවකුට තවමත් ඉදිරි ගමනක් අත්ව නොමැති බැවිනි. එසේම තමන් නොදන්නා ආර්ථික න්‍යායාත්මක කරුණු සම්බන්ධයෙන් තමන්ගේ හිතලු‍ වචන බවට පත්කොට බොරු බේගල් සමාජගත කර තමන්ගේ බල වුවමනාවන් සන්තර්පනය කරගැනීමට උත්සාහ දැරීම බාල වැඩකි.

එපමණක් නොව කාදිනල් හිමියන් මේ රටේ පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් බලපෑම් සහගත ප්‍රකාශයක් සිදුකර තිබේ. ඒ කාදිනල් හිමියන් විසින් කතානායකවරයා ප්‍රමුඛ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්ට පිටු තුනක අතිශය රහස්‍ය ලිපියක් යොමුකරමිනි. එමගින් උන්වහන්සේ ඉල්ලා ඇත්තේ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු වන දේශබන්දු තෙන්නකෝන් සහ නිලන්ත ජයවර්ධන යන අයගේ නම් පොලිස්පති ධුරය සම්බන්ධ යෝජනා වුවහොත් ඒ ගැන සලකා බැලීමක්වත් නොකරන ලෙසය.

රාජ්‍යයක ඉහළ ආරක්ෂක නිලධාරීන් පත් කිරීම සම්බන්ධයෙන් කාදිනල් හිමියන්ගේ මේ බලපෑම් සහගත මැදිහත්වීම සිහිගන්නවනු ලබන්නේ, මධ්‍යතන යුරෝපයේ ඛේදනීය අත්දැකීම් ය. පල්ලියේ බලපෑමට නතු වූ රාජ්‍ය පාලනයන් නිසා ලෝක ඉතිහාසයට එක්කර ඇත්තේ, අතිශය දුර්දාන්ත අත්දැකීම්ය. එවැනි පරිසරයක් ලංකාව තුළ නිර්මාණය කිරීමට කාදිනල් හිමියන් යත්න දරන්නේ දැයි සැකකිරීම ද මේ අනුව සාධාරණය. මන්ද ආගමික නායකයන්ගේ කාර්යභාරය සහ රාජ්‍ය පාලකයාගේ කාර්යයන් සහසම්බන්ධව ඒකාබද්ධ කොටගත් සෑම තැනකම ඛේදනීය අවසානයක් උරුම වූ බව ඉතිසාහයේ අනත්තවත් පාඩම් කියවා ඇති බැවිනි. මෙකී පරිණත දේශපාලන අත්දැකීම් සහිත ශ්‍රී ලාංකේය රාජ්‍ය පාලකයකු වූ ජේ.ආර්. ජයවර්ධනයන් වරෙක පවසා ඇත්තේ, “හාමුදුරුවරු පන්සලේ ආගමික වැඩපල ටික බලාගෙන ඉන්න, මම ආණ්ඩු පාලන වැඩේ බලාගන්නම්” කියාය. එදා වගේම අදටත් එය වලංගුය. මන්ද ආගමික සංස්ථාව හැකි සෑම අවස්ථාවකම රාජ්‍යකරණයට අතපෙවීමට මානබලමින් සිටින බැවිනි. එදා මෙදා තුර ආගමික සංස්ථාවන්ගේ බලපෑම් හමුවේ රාජ්‍යයන් හෝ ආණ්ඩු විසින් ගන්නා ලද කිසිදු තීන්දුවකින් රටට සුගතියක් අත් නොවූ බව රටේ සංවර්ධන ප්‍රගතිය ලෙස විමසිලිමත් වන කවරකුට වුවද පැහැදිලි වනු ඇත. එනිසාම ආගමික අනුගාමිකයන්ගේ අධ්‍යාත්මික ගමන සහ රාජ්‍ය පාලකයන්ගේ ලෞකික සුඛවිහරණ ගමන වෙන් වෙන් වශයෙන් පවත්නේ නම් රටට යහපතක් මිස අයහපතක් නොවන්නේය.

ආගම සහ රාජ්‍යය

මිනිසුන්ට තම ඇදහිල්ල අත්හැරීමට, වෙනත් ආගමක් ඇදහීමට හෝ විවිධ ආකාරයෙන් ආගමික ඉගැන්වීම් අර්ථ දැක්වීමට ඇති නිදහස සහතික කිරීම සඳහා රාජ්‍යය ආගමෙන් වෙන් කිරීම ඉතා වැදගත් වේ. රාජ්‍යය විසින් එක් ආගමකට නිල අනුග්‍රහය දක්වන ඕනෑම තැනක සුළුතරය හෝ වෙනත් ආගමික කණ්ඩායම්වලට නිසැක වශයෙන්ම ඍණාත්මක ප්‍රතිවිපාකවලට මුහුණ පෑමට සිදුවීම අනිවාර්යයකි. ඒ නිසාම “රාජ්‍යයෙන් ආගම වෙන් කිරීම” අතිශය සාධාරණය. එසේම එහිදී රාජ්‍යයේ සමාජ, ආර්ථික හෝ දේශපාලන කටයුතුවලදී ආගමට කිසිදු කාර්යයක් නොමැති බව අවධාරණය විය යුතුය.
නමුත් ලිබරල්වාදී සමාජ ස්ථාපිතයක් තුළ අතිශය වැදගත්ම කරුණ නම් පුද්ගල නිදහසය. එම නිසා ආගම මිනිසුන්ගේ ජීවිතයෙන් ඈත් කිරීමට උත්සාහ කරනවාට වඩා, ආගම පුද්ගලික කාරණයක් ලෙස සැලකීම සහ එය මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතයට සීමා කිරීම අරමුණු කර ගත යුතුය. මක්නිසාද යත් ආගම දේශපාලනය සමඟ මිශ්‍ර වූ විට එය ජාතිවාදී කෝලාහල හා ප්‍රචණ්ඩත්වයට පාර කපන බව අප ඕනවටත් වඩා අත්දැක ඇති බැවිනි. එමනිසා තවදුරටත් එවැනි අභාවාචක අත්දැකීම් රටට අවශ්‍ය නැති බව බෞද්ධ කිතුනු වගේම සෑම ආගමකම අනුගාමික නායකකාරකාදීන් තේරුම්ගත යුතුය. දැන් අවශ්‍යව ඇත්තේ රට ඉදිරියට ගෙනයාමට හැකි සෑම උපකාරයක්, අනුග්‍රහයක් දැක්විය යුතු මොහොතක් මිස තවදුරටත් පර්යේෂණ මීයන් සේ කාලය කා දෑමීම’නොවන’බැවිනි.

  • ුවන් පතිරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *