ඊශ්‍රායල හමුදා සහ පලස්තීන සටන්කාමීන් අතර වූ ගැටුමෙන් මිය ගිය ගණන ඉහළට

0

බටහිර ඉවුරේ ජෙනින් සරණාගත කඳවුරේ ඊශ්‍රායල හමුදා සහ පලස්තීන සටන්කාමීන් අතර සිදුවූ වෙඩි හුවමාරුවෙන් මිය ගිය ගණන තවත් ඉහළ ගොස් තිබෙනවා.

ඊශ්‍රායල හමුදාව ඊයේ (03) අලුයම එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරවලින් පලස්තීනුවන් නව දෙනෙකු මියගොස් 100 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

පලස්තීනුවන් එය යුද අපරාධයක් බවටයි සඳහන් කර ඇත්තේ.

මේ අතර ඊශ්‍රායල හමුදාව සඳහන් කරන්නේ මෙහෙයුම අවසන් කිරීමට නිශ්චිත කාල සීමාවක් නොමැති නමුත් එය පැය කිහිපයක් හෝ දින කිහිපයක් විය හැකි බවයි.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *