ඉන්දීය මැතිවරණය නිරීක්ෂණයට එජාපයට-පොහොට්ටුවට මෝදිගේ පක්ෂයෙන් ආරාධනා

ඉන්දීය මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත කණ්ඩායමකට ඉන්දියාවට පැමිණෙන්නැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ භාරතීය ජනතා පක්ෂය ආරාධනා කර තිබේ. විදේශීය දේශපාලන පක්ෂ සහ නියෝජිතයන්ට ඉන්දීය මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය හෙවත් ඉන්දීය මහ මැතිවරණය පසුගිය අප්‍රේල් 09 ආරම්භ වූ අතර, එය ලබන ජුනි 01 දක්වා ක්‍රියාත්මක වෙයි. ඒ අනුව එරට ලෝක් සභාවට නියෝජිතයන් තෝරා ගැනීමේ මැතිවරණ ක්‍රියාදාමය නිරීක්ෂණයට සහ ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට විදෙස් රටවල දේශපාලන පක්ෂ හා නියෝජිතයන්ට ඇරියුම් කර තිබේ.