ජාතික රූපවාහිනිය කෘත්‍රිම බුද්ධියෙන් ප්රවෘත්ති කියයි
විද්‍යුත් මාධ්‍ය කලාවේ පෙරළියක් ඇති කරමින් මෙරට පළමුවරට සිංහල ප්රවෘත්ති විකාශයක් කෘත්‍රිම බුද්ධිය (AI තාක්ෂණය) භාවිත කරමින් ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කිරීමට ජාතික රූපවාහිනිය ඊයේ (05) පියවර ගත්තේය. ඊයේ (05) රාත්‍රී 8 ප්රවෘත්ති විකාශය රූපවාහිනියේ ප්‍රධානතම නිවේදකයන් යුවළක් වන නිශාදි බණ්ඩාරනායක සහ චමින්ද ගුණරත්න විසින් ඉදිරිපත් කළ නමුත් එහි දී ඒ සඳහා යොදා ගැනුණේ එම දෙදෙනාගේ අනුරුවකි.