ඔලිම්පික් උළෙලේ සිංහ ධජය විරේන් හා දිල්හානිගේ සුරතට

මෙවර හැංෂෝ (Hanqzhou) ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රිදී පදක්කම්ලාභී දිල්හානි ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ නායිකාව ලෙස නම් කර ඇත.

ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන ක්‍රීඩිකාවක් වන ඇය ඇහැලියගොඩ මහින්ද විiාලයේ ආදි සිසුවියක ද වෙයි.

ඇය  2017 දී බුවනේස්වර් ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී, 2022 දී හැංෂෝ ආසියානු ක්‍රීඩා උළෙලේදී සහ 2023 දී බැංකොක් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් ද දිනා ගෙන තිබේ.