රුපියල ශක්තිමත් වෙයි

0

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල පසුගිය මාස 04ක කාලයේදී සියයට 9.1කින් ශක්තිමත් වී ඇත.මේ අනුව විනිමය අනුපාතයේ උච්චාවචනයන් පැවතියද ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමේ ප්‍රවණතාව අඛණ්ඩව පැවති බව මහ බැංකුව පවසයි. මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ.

එසේම අනෙකුත් ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල් වර්ගවලට සාපේක්ෂව ද එම කාලයේදී ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇත. මේ අනුව යුරෝ මුදලට සාපේක්ෂව සියයට 12.9කින්ද, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට 10.8කින්ද, චීන යුවාන්වලට සාපේක්ෂව සියයට 11.4කින්ද ජපන් යෙන් මුදලට සාපේක්ෂව සියයට 21කින්ද ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව සියයට 14.2කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 9.5කින්ද ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *