රුසියාවේ ශ්‍රී  ලංකා තානාපති කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක යුද හමුදාපති හමුවෙයි

රුසියාවේ මොස්කව් නුවර පිහිටි ශ්‍රී  ලංකා තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස පත් කරන ලද ශ්‍රී  ලංකා ගුවන්  හමුදාවේ ගෘෘප් කපිතාන් එස්.ආර්.ජයරත්න යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ හමුවී තිබේ.

එහිදී ගෘෘප් කපිතාන් එස්.ආර්. ජයරත්න වෙත යුද්ධ හමුදාපතිවරයා සිය සුබාශිංසන පිරිනමා තිබූ අතර නව පත්වීමේ වැදගත්කම සහ රාජ්‍ය තාන්ත්‍රිකයකු වශයෙන් රටේ යහපත වෙනුවෙන් ඉටු කළ හැකි කාර්යභාරය පිළිබඳව අවධාරණය කර ඇත. මෙම සුහද හමුව සමාප්තියේ ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ගෘෘප් කපිතාන් එස්.ආර්. ජයරත්න වෙත සමරු තිළිණයක්ද ප්‍රදානය කර තිබේ.