අනුර පරදා සජිත් මැතිවරණය ජය ගනී …!

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය සදහා මැතිවරණ කොමිසම් සභාවට මුදල් නොමැති වීම විසින් දින නියමයක් නොමැතිව ඡන්දය කල් දැමීමට සිදුවිය. මේ හේතුවෙන් මැතිවරණයේ ජයග්‍රහණය සදහා විශාල මුදල් ප්‍රමාණයක් නාස්ති කරමින් රැළි ගණනාවක් සංවිධානය කළ ජාතික ජන බලවේගය අතිශය දුෂ්කරතාවයකට මුහුණ පා ඇති බව වාර්තාවේ. ජයග්‍රහණයන් ප්‍රමාණයක් අත්පත් කර ගැනීම සදහා විවිධ පාර්ශවයන් විසින් අනුග්‍රහය දක්වමින් සිදුකරගෙන ගිය මහජන රැළි අතරමග නතර කිරීමට සිදුවීම මෙයට හේතුවී තිබේ.
මේ අතර සමගි ජන බලවේගය මේ මැතිවරණය සම්බන්ධයෙන් මහජනයා ඉතිරියේ තරගයක් දීමට සූදානම් වුවද අභ්‍යන්තරයේ පැවැතියේ මෙය කල් දමා ගැනීමේ උපක්‍රමයන් දියත් කරමිනි. මේ බව පසුගියදා පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් සජබයේ මන්ත්‍රී කිරිඇල්ල තමාට ලබාදුන් දුරකථන පණිවුඩයකින් මැතිවරණය කල් දැමීමට පියවර ගන්නේ නැද්ද ? යන්න ඇසූ බවත් මේ නිසාම මැතිවරණය නොපවත්වන්නේ නම් එහි වාසිය සජබයට හිමි වන බවද සජිත් ප්‍රේමදාස දැන සිටි බවට තොරුතුරු හෙළිදරව් විය .
කෙසේ නමුත් මේ වන විට මැතිවරණයක් පැවැත්වීමට තරම් ආර්ථිකමය වටපිටාවක් නොමැති වන බැවින් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දින නියම කිරීමක් සම්බන්ධයෙන් ගැටළුවකට මුහුණ පා ඇත. මෙහි වාසිය සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය විසින් අත්පත් කරගත්තත් ජාතික ජන බලවේගය තමන් විසින් දියත් කළ දැවැන්ත ප්‍රචාරක ව්‍යාපෘතිය නතර කිරීමට සිදුව ඇත. එහි මූලික කරුණවන්නේ ජයග්‍රහණයක් පෙනි පෙනී මුදල් වියදම් කිරීම සදහා ඒ් සදහා මුදල් යොදවන්නන් කැමති වුවත් කල්දැමූ මැතිවරණයක් වෙනුවෙන් දිගින් දිගටම මුදල් යෙදවීමට අදාළ අකමැති බැවිනි.