සම්පන්දන් මහතා දමිළ අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පෙනී සිටි නායකයෙක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත ආර්. සම්පන්දන් මහතා දමිළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නායකයකු බවත්, සම්පන්දන් මහතා සහ තමා නිරතුරුවම නොබෙදුණු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කැප වූ බවත් පවසන ලදි.

ඊයේ (7) පස්වරුවේදී ත්‍රිකුණාමලයේදී එතුමන් මේ බව සඳහන් කරන ලද්දේ දෙමළ ජාතික සන්ධානයේ නායක, හිටපු විපක්ෂ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ආර්. සම්පන්දන් මහතාගේ අවමංගල්‍ය උත්සව සභාව අමතමිනි.