විපතට පත් ජනතාවගේ සුවදුක් විමසීමට ජනපති යයි

ගං වතුර පාලනය කිරීම සඳහා කැලණි ගං මිටියාවතේ නව ඉදිකිරීම් සඳහා අවසර නොදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

එම ප්‍රදේශ ආශ්‍රිතව අනවසර ගොඩකිරීම් ද වහාම නැවැත්වීමට පියවර ගන්නා ලෙසත්, මුල්ලේරියාව සහ IDH රෝහල් වෙනත් ස්ථානයකට ගෙන යෑමටත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.