හෙදියන් තුන්දාහක් අලුතින් බඳවා ගනියි

හෙදියන් තුන්දහසක් අලුතින් බඳවා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එම හෙද පිරිස බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් කර තිබෙන බව කී අමාත්‍යවරයා  අභියාචනා කාලයෙන් පසු ඒ බඳවා ගැනීම් කරන බව සඳහන් කළේය.

 දැනට හෙද සේවයේ හතළිස් පන්දහසක් සිටින අතර  පුරප්පාඩු තිබෙන්නේ දහසක් පමණකියි ද අමාත්‍යවරයා කීය.රටේ හතළිස් පන්දහසක හෙද හිඟයක් නැතැයිද සෞඛ්‍යවරයා කීය.