Twitter (X) නව ලියාපදිංචි වන්නන්ට වසරකට ඩොලර් 1ක් අය කරයි.

0

Elon Musk ගේ ”X” යෙදුම නව අත්හදා බැලීමක කොටසක් ලෙස පරිශීලකයින්ගෙන් වසරකට ඩොලර් 1ක් අය කිරීම ආරම්භ කර තිබෙනවා.

එහි පළමු අදියර නවසීලන්තය සහ පිලිපීනය යන රටවලින් ආරම්භ ඇති බවයි වාර්තා වන්නේ.

සමාජ මාධ්‍ය තුල “ව්‍යාජ ගිණුම් අඩු කිරීම මෙහි අරමුණ වන බවයි සදහන් වන්නේ.

ප්‍රධාන විශේෂාංග වෙත ප්‍රවේශ වීම සඳහා මෙම අය කිරීම සිදු කරන අතර ඒවාට tweet කිරීම , retweet සහ පෝස්ට් වලට Like කිරීමට සහ පෝස්ට් වලට Reply කිරීම ඇතුළත් වනවා.

ගාස්තුවෙන් ඉවත් වන අයට පෝස්ට් කියවීමට, වීඩියෝ නැරඹීමට සහ ගිණුම් අනුගමනය කිරීමට පමණක් හැකියාව ලැබෙනු ඇති.

මෙසේ සිදු කරන ගෙවීම් ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස , X හී පරිශීලකයන්ගෙන් විශාල පිරිසක් අහිමි වීමේ අවදානමක් ඇති බවටයි වාර්තා වන්නේ.

එය අනෙක් අතට, දැනට සමාගමේ ආදායමෙන් අතිමහත් බහුතරයකට වගකියන වෙළඳ ප්‍රචාරණ ආදායම අඩු කිරීමටද හේතුවක් විය හැකියි.

මෑත සතිවලදී, ඊශ්‍රායල – හමාස් ප්‍රහාරයෙන් පසු, ත්‍රස්තවාදී සහ ප්‍රචණ්ඩකාරී අන්තර්ගතයන් සහ වෛරී ප්‍රකාශ පැතිර යා හැකි බවට පවසමින්, යුරෝපා සංගමය විසින් X සමාගම විමර්ශනයට ලක් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *