වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට නම් නැවත වැට් බදු වැඩි කිරීමට සිදු වෙන බව ජනපති පවසයි

වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයන් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන 18%ක වැට් බද්ද 20% – 21%ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බවද, මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නොමැති බවත් මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ප්‍රකාශ කරන ලදි.

මේ බව මහා භාණ්ඩාගාර ලේකම්වරයා සඳහන් කර සිටියේ රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ (08) පැවති සාකච්ඡාවට එක් වෙමිනි.