‘කවුරු උසාවි ගියත් ජනපතිවරණය මේ වසරේ’ජනපති පවසයි

මෙම වසරේ දී කවුරු අධිකරණයට ගිය ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙරේදා (ජූලි 6) පවසන ලදි.

ජනාධිපතිවරයා අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය පවත්වන බව ද සඳහන් කළේ ය.

ඇතැම් අය පළාත් සභා මැතිවරණ පැවැත්වීම අවශ්‍ය බවට ප්‍රකාශ කරන මුත් රජය පළමුව ජනාධිපතිවරණය පැවැත්වීමට දැනට තීරණය කර තිබෙන බව ද හෙතෙම සඳහන් කරන ලදි.