පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂක තුවා වවුචර්වල කාලය දිගුවෙයි

මෙම මස (10දා) බදාදා අවසන් වීමට නියමිත වු පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාගැනීම සඳහා ලබාදී ඇති තිළිණපත්වල වලංගු කාලය  කාලය අගෝස්තු 10 දක්වා දික්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම වැඩසටහනේ පළමු අදියර මෙම මස 10දා අවසන් වන බවට තිළිණපතේ සඳහන් වුවද එහි වලංගු භාවය අගෝස්තු 10 දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අනුමැතිය ලබාදී ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශ සඳහන් වෙයි.