යුක්රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගේ බිරිඳට වස දෙයි.

0

යුක්රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගේ බිරිඳට වස දී ඇති බවත්, ඇය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ Marianna Budanova නමැති යුක්රේනයේ GUR හමුදා බුද්ධි ඒජන්සියේ ප්‍රධානියා වන Kyrylo Budanov ගේ බිරිඳයි.

වසර දෙකකට වැඩි කාලයක් යුක්රේන හමුදාව, රුසියන් ආක්‍රමණයට එරෙහිව සටන් වදින්නේ, ක්‍රිර්යෝල් ඩුඩනෝව්ගේ හමුදා බුද්ධි අංශ දෙන උපදෙස් අනුව බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

Marianna Budanova සිරුරේ බැර ලෝහ තිබී හමුවුණු බවයි වෛද්‍යවරුන් සදහන් කරන්නේ.

තවද වෛද්‍යවරුන් සැක කර ඇත්තේ ආහාර මගින් ඇගේ සිරුරට විෂ ඇතුළු වන්නට ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *