ඉන්දියාව නැවතත් කැනේඩියානු අමුත්තන් පිළිගනී

0

සති දෙකක විරාමයකින් පසු ඉන්දියාව කැනේඩියානු සංචාරකයින්ට සහ ව්‍යාපාරිකයන් සදහා ඊ-වීසා නිකුත් කිරීම නැවත ආරම්භ කර ඇත. කැනේඩියානු සීක් බෙදුම්වාදී නායකයෙකුගේ ඝාතනයට ඉන්දීය රජය සම්බන්ධ විය හැකි බවට කැනඩාව විසින් කරන ලද චෝදනා හේතුවෙන් පැනනැගුණු ආතතිය හේතුවෙන් තාවකාලිකව සැප්තැම්බර් මාසයේ කැනේඩියානුවන්ට වීසා නිකුත් කිරීම අත්හිටුවීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇත.

නිර්නාමිකව සිටීමට තීරණය කළ ඉන්දීය රජයේ නිලධාරියෙක් කැනේඩියානු ජාතිකයන් සඳහා ඊ-වීසා සේවා නැවත ආරම්භ කිරීම තහවුරු කර ඇත. කෙසේ වෙතත්, මෙම තීරණය ඔටාවා සමඟ සබඳතාවල සැලකිය යුතු යහපැවැත්මක් ඇති කරයිද යන්න තවමත් අවිනිශ්චිතව පවතී. මෙම පියවර යම් සහනයක් ගෙන එනු ඇතැයි අපේක්ෂා කරන නමුත්, එය ඉක්මනින් දෙරට අතර සමස්ත සබඳතාවයේ සැලකිය යුතු දියුණුවක් ඇති කිරීමට ඉඩ නැත. මන්ද මෙම ගැටළුව පුර්ණ වශයෙන් විස`දා ගන්නා තෙක් ද්විපාර්ශ්වික සබඳතාවල පූර්ණ සංහිඳියාවක් නුදුරු අනාගතයේ දී අපේක්ෂා කිරීමට ඉඩක් නොමැති බැවිනි.

ඉන්දියාව කැනේඩියානු පුරවැසියන්ට සංචාරක සහ ව්‍යාපාරික අරමුණු සඳහා පමණක් ඊ-වීසා නිකුත් කරන බව සැලකිල්ලට ගැනීම වැදගත්ය.

ඉන්දියාවෙන් ස්වාධීන සික් නිජබිමක් ඉල්ලන ඛලිස්තාන් ව්‍යාපාරයේ නායකයෙකු වන 45 හැවිරිදි හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයට ඉන්දීය රජයේ ඒජන්තයින් සම්බන්ධ කරමින්  ක‍්‍රියාත්මක කිරීම ගැන කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ කැනේඩියානු පාර්ලිමේන්තුවට දැනුම් දීමත් සමඟ ජාතීන් දෙක අතර රාජ්‍ය තාන්ත‍්‍රික ආතතිය තීව‍්‍ර විය.

නිරෝෂන් පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *