කොට්ටේ මාරු කළාට සුව වෙයිද සෞඛ්‍යය?

ලංකාවේ සෞඛ්‍යය හොඳ වෙන්න නම්, ඇය නිරෝගී විය යුතුය. ඒ නිරෝගිත්වය ඇති වන්නේ ඉන්ද්‍රිය පද්ධතිය අතුරු අන්තරාවක් නොමැතිව නිවැරදිව ක්‍රියාත්මක වේ නම් පමණි. මේ රටේ සෞඛ්‍ය පද්ධතිය කියන්නේ සමස්ත දේහයේ නිරෝගිත්වය වෙනුවෙන් ඇති විශාලම ක්‍රියාකාරිත්වයයි. නමත් දැන් කාලාන්තරයක් තිස්සේ එය අඩාල වෙමින් රෝගීව ඇඳක් මතට ඇද වැටී තිබෙන්නකි. එක් එක් දොස්තර මහත්වරු ඇවිත් මේ රෝගියාව සුවපත් කිරීමට වෙර දැරුවත් සුවපත් කළ නොහැකි නිධන්ගත රෝගයක් සේ දැඩි සේ අසාධ්‍ය තත්වයේම පවතී.

රෝගියෙකුට බෙහෙත් කළාටම රෝග සුව වන්නේ නැතැයි කියති. ඒ වෙදකම වගේම හෙදකමත් අවශ්‍ය නිසාය. ප්‍රශ්නයට උත්තර තිබුණත් එය හරියට ක්‍රියාත්මක වීමට අවශ්‍ය තත්වයන් නොමැතිව ප්‍රශ්නය නොවිසඳේ කියන්නෙත් මෙහෙම දෙයකි. මේ කතාව දිගෑරෙන්නේ ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග හමුවේ නව ඇමතිවරයාගේ කාර්යය භාර්යය කවරක් විය යුතු ද යන්න විමසීම උදෙසාය.

කොට්ට මාරුව සෞඛ්‍යයට විසදුමද?

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ලෙස කළ කාර්යය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගේ බලවත් විරෝධයන් ගණනාවක් එල්ල වී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් පසුගියදා විශ්වාසභංග යෝජනාවක්ද පාර්ලිමේන්තුව හමුවට ගෙනවිත් තිබිණි. ඒ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ වූ අර්බුදයන් සම්බන්ධයෙන් ඇමතිවරයාගේ මැදිහත්වීමේ දුර්වලතාවයන් පෙන්නුම් කරමිනි. එහෙත් විශ්වාසභංගය විපක්ෂය පරාජය ලබා ඇමතිවරයා ජයග්‍රණය කළේය. මෙතෙක් පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයන්ට සිදු වූ ඉරණමම මෙයට උරුමවීම සාමාන්‍යයක් විය. එහෙත් විපක්ෂය විශ්වාසභංගය නිසි ලෙස ගෙන ආවේ නම් පරාජය විය යුතුව තිබුණේ සෞඛ්‍ය ඇමතිවරයා නොව ලංකාවේ සෞඛ්‍යය පද්ධතියේ දුර්වලතාවයන් සහ ඊට විනකටින විවිධ වූ’ජාවාරම්කාර පාර්ශ්වයන්ය. හැමදාමත් වගේ විපක්ෂය ෆේල් වන්නේ සඳ පෙන්නූ’පසු සඳ දෙස නොබලා ඇඟිල්ල දෙස බැලීමේ මෝඩකම නිසාය. ඇත්ත ප්‍රශ්නය වෙනුවට හුදු දේශපාලනික වුවමණාවක් ජයගැනීමට විපක්ෂයට අවශ්‍යව තිබිණි. ඒ අනුව එය පරාජය කිරීමට ආණ්ඩු පක්ෂය කල්පනා කිරීම වැරදි නැත.

කෙසේ නමුත් ඇතිව තිබු තත්වයන් හමුවේ සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ වගකීම වෙනස් කිරීමට ජනාධිපතිවරයා පසුගියදා කටයුතු කළේය. වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් හසල දැනුමක් හා ප්‍රායෝගික ක්‍රියාදාමයක නියැලු‍න අයෙකු සහ ජනප්‍රිය දේශපාලනඥයකු මෙන්ම කර්මාන්ත ඇමැති ධුරය සාර්ථකව මෙහෙයවමින් සිටින රමේෂ් පතිරණ’වෙත මෙම වගකීම පවරා තිබිණි. කොහොම නමුත් මේ වන විට අභියෝගාත්මකව තිබෙන මෙම ක්ෂේත්‍රයේ ගැටළු විසඳා ගැනීම ඔහු සතු වගකීම වෙයි. කෙසේ නමුත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු විසඳීම වෛද්‍ය විද්‍යාත්මක කරණයක් නොවේ. ඊට වඩා එහා ගිය දේශපාලන ආර්ථික පරිචයක් හා රාජ්‍ය පරිපාලනය ගැන ඉහළ අවබෝධයද තිබිය යුතුය. එපමණක් නොවේ අද සෞඛ්‍ය ක්ෂේත්‍රය අරක් ගෙන තිබෙන දොස්තර වෘත්තීය සමිති මාෆියාව මෙන්ම ඖෂධ ජාවාරම්කාරයන්ගේ තර්ජනයන්ද පරාජය කිරීමට සමත් විය යුතුය. එමෙන්ම වත්මන් ආර්ථික අර්බුද හමුවේ රට මුහුණ දෙන ගැටළුව නිරාකරණය කරගැනීමට රජය දරන වෑයම සමඟ සමගාමීව මේ කටයුත්ත වඩාත් දුෂ්කර තත්වයන් යටතේ ඉටු කිරීමට සිදුව ඇත. මේ අනුව මෙම වගකීම භාර ගැනීමට රමේෂ් පතිරණ තීරණය කිරීමත් ඔහු ඔහුටම කර ගත් අභියෝගයක් ලෙසද සැලකිය හැකිය. මන්ද මෙහිදී අසමත් වීම ඔහුගේ දේශපාලන ජීවිතයට ප්‍රබල පහරක් වීම වැලැක්විය හැකි නොවන නිසාය. ඔළුවේ අමාරුවට කොට්ටය මාරු කිරීමක් වුණා සේ මෙම ඇමැති මාරුව නොවුණු බවට ඔහු වගබලා ගත යුතුය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පරිපාලන අසනීපය

කවර ඇමතිවරයෙකු යටතේ හෝ රාජ්‍ය’සේවයේ නිතර නිලධාරී පැලැන්තිය කටයුතු කරන ආකාරය අනුව එම විෂයේ ප්‍රායෝගික සඵලතාවයන් හෝ දුබලතාවයන් පෙන්නුම් කිරීම සාමාන්‍යයය. මෙය සෞඛ්‍ය’ක්ෂේත්‍රයේදී සුවිශේෂී වන්නේ එම විෂය පථය අනිවාර්යය ලෙස මිනිස් ජීවිතයේ මූලික අවශ්‍යතාවයන් සමඟ බැඳී පවැතීම හේතුවෙනි. ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය වෙනත් විෂයන්ට සාපේක්ෂව නිරත්තරයෙන් කතා බහට ලක්වන්නේ ඊට වැඩි වැදගත්කමක් සහිතවය. වෛද්‍ය වෘත්තිය, හෙද වෘත්තිය, වෙනත් වෛද්‍ය සහයක සේවා වෘත්තිය, ඖෂධ’ගෙන්වීම් බෙදාහැරීම්, ප්‍රසම්පාදන නිලධාරීන්, පරිපාලන වැනි නිලධාරී ජාලාවන් යටතේ ක්‍රියාත්මක වන සෞඛ්‍යය මේ එකදු බිඳ වැටීමකදී’වුව සමස්තය වෙත ප්‍රේරණය කරන ගැටළුව දැවැන්තය. ඒ අවබෝධය මත මේ වෘත්තිකයන් මීට ආදළ වෘත්තීය සමිති අටවා ගැනීමෙන් තමන්ගේ රාජකාරියේ ප්‍රමාණය හෝ අගය වැඩි කරගැනීමට ඕනෑම මොහොතක සෞඛ්‍යය නමැති රෝගියාගේ සෞඛ්‍යය තත්වය තමන්ට රිසි පරිදි පවත්වා ගැනීමට ප්‍රයත්න දැරීම සිදුවෙයි.

වෛද්‍යවරුන්ගේ වැටුප් අර්බුදයන් තවමත් නතර වී නොමැත. එය ඕනෑම මොහොතක බරපතල ගණයේ වැඩ වර්ජනයන් රෝගින් බිල්ලට දී’හෝ සිදුකිරීමට තරම් බලසම්පන්නව ක්‍රියාත්මක වෙමින් පවතී. හෙද සේවාව මීට දෙවැනි නැත. රාජකාරිය කවරක වුවද රාජකාරියට අදාල අයිතිවාසිකම් ලබාදීමට රට කවර තත්වයක් තුළ’වුවද රජය ක්‍රියාත්මක විය යුතුය. එසේ නොමැති තත්වයන් තුළ මහා වැඩවර්ජන පවත්වන්නේ රෝගීන්ගේ ජීවිත තඹ’සතයකට මායිම් නොකරය. සෞඛ්‍ය’සැපයුම් හා ඖෂධ නියාමනයන් මෙන්ම බෙදාහැරීම්හි තත්වයන්ද මෙසේමය. මේ සෑම වෘත්තීය ක්ෂේත්‍රයක් ඕනැම මොහොත අඩපන කර දැමීමට තරම් එහි වන වෘත්තිය සමිති ජාලාවන් සැහැසිය. මේ නිසාම ඇමතිවරයා කවරෙක් වුවද මේ පරිපාලන පද්ධතියේ ඇති අර්බුදය විසඳාගැනීම නොකර ඉදිරියට යෑමක් වන්නේ නැත.

ඖෂධ ජාවාරම

පසුගිය කාලය තුළ සිදුවූ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු සිදුවන්නේ මෙකි අංශයන්ගේ දුර්වලතාවයන් පදනම් කොට ගෙනය. උදාහරණයක් ලෙස අප පසුගිය ලිපියක දැක් වූ පරිදි ඇමතිවරයාට එරෙහි විශ්වාසභංගයේ සෘජු චෝදනාවක් එල්ල වන එන්නත් විෂ වීම ගැන ගැටළුවේදී ඊට මේ සියලු‍ අංශයන්හි දුර්වල ක්‍රියාකාරීත්වය බල පැවැත්විය. එය ඇමැතිවරයාට සෘජුව වලක්වා ගත හැකි සීමාවන් ඉක්මවා ගිය තත්වයක් බව පෙන්නුම් කර තිබිණි. මෙය සෞඛ්‍ය’ක්ෂේත්‍රයේ පරිපාලනය සම්පූර්ණ වගකීම් සහගත ක්‍රියාවලියක නොපිහිටීම හේතුවෙන් සිදු වූවකි. ආණ්ඩුවේ දේශපාලන ක්‍රියාදාමයේ අඩුවක් මීට බලපෑවා නම් ඒ දැඩි තීන්දු තීරණ ගෙන මේ ජාවාරම්කාරී තත්වයන් පාලනය කිරීමට අසමත් වීමය. නමුත් එසේ කිරීමද පහසු නැත. ජාවාරම්කරුවෝ මර්දනය කරන විට රිදෙන්නේ බොහෝ විට වෘත්තීය සමිති නායකයන්ට නිසා එහි ප්‍රතිපලය විය හැක්කේ වැඩවර්ජනයන්ය. නැතිනම් රට පුරා ඖෂධ හිඟයන් ගැන මාධ්‍ය ප්‍රචාරණයන් ඔස්සේ සිදුවන ආණ්ඩු විරෝධයන්ය. රෝගීන්ව පාරට බැස්සවීමය. ඒ නිසා සෞඛ්‍ය පරිපාලනමය ක්ෂේත්‍රය සම්බන්ධව ඇති ගැටළු විසඳීම අතිශය උපක්‍රමික පියවරක්ව තිබේ. නව ඇමති වේවා පරණ’ඇමති වේවා මෙකී’සෞඛ්‍ය’අනුවිෂයන් කළමනාකරණය කරගැනීමට හෝ නව වෙනස්කම් ඇති කිරීම දක්වා තම වගකීම මෙහෙය නොවන්නේ නම් තත්වයන් දරුණුවීමට ගත වන කාලය බොහෝ අඩු විය හැකිය.

මේ අනුව සෞඛ්‍ය’ක්ෂේත්‍රයේ අවධානම් සහගතම රෝගී තත්වය වන්නේ ඖෂධ ජාවාරමය. ඖෂධ මිලදී’ගැනීම බෙදාහැරීම, යන වගකීම් සහගත ක්‍රියාවලිය හරි හැටි නොවන්නේ නම් ඕනෑම මොහොතක සෞඛ්‍යය නමැති රෝගියා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කළ’හැකිය.

ඖෂධ’ජාවාරමේ පරිමාණයන් මෙතකැයි කීමට නොහැකි තරමේ අතිශය සියුම් තැන් පවා ආක්‍රමණය කළ පිළිකාවක්ව තිබේ. මේ තත්වයන් යටතේ සෞඛ්‍ය’ඇමතිවරයාට පවා පාරිශුද්ධවීමට නොහැකි වන බව මෙතෙක් අත්විදි තත්වයය. එයට බලපානුයේ ඒ තරම් දරුණුවට ලෝකයේ ජාවාරම් අතර ප්‍රමුඛ’පෙළේ ජාවාරමක් බවට ඖෂධ’ජාවාරම පත්ව තිබීමය. මෙය ඩොලර් බිලියන් ගණනින් වන ජාත්‍යන්තර ජාවාරමකි. රටේ වගකිව යුතු තැන් අල්ලා ගැනීම මෙහි ස්වභාවය සහ ඊට ඇති පහසු හැකියාවක්ද ඇත. මේ තත්වය අනිවාර්යෙන්ම නව ඇමතිවරයාටත් අභියෝගයක් වනු ඇත. නව ඇමැතිවරයා එලෙස දූෂණයට යටත් නොවෙන්නෙකුය යනුවෙන් බෝඩ් ලෑල්ලක් එල්ලීමට හදිසි නොවන්නේ නියමයෙන් හෝ අනියමයෙන් මේ තරම් සූක්ෂම ජාවාරමකින් ගැලවී සිටීමට දේශපාලන අධිකාරය දරන්නකුට ඇති හැකියාව සීමිත නිසාය. විශේෂයෙන්ම මෙරට පසුගිය අත්දැකීම් අනුව එලෙස සිතීම සාධාරණය. මේ වන විට අල්ලස් හෝ දුෂණ වැලැක්වීම, රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය විනිවිදභාවයෙන් යුතුව සිදුකිරීම, රාජ්‍ය මුල්‍ය විනය ආදිය සම්බන්ධයෙන් රජය ගෙන තිබෙන පියවරයන් අනුව සුබ බලාපොරොත්තු තැබිය හැකි වුවද කලින් කීවාක් මෙන්ම රෝගියාට වෙදකම පමණක් නොව හෙදකමද හරියට සිදු වීම විය යුතුය. ඇමතිවරයා මේ හෙදකම හරියට කළ යුතුය.

නව සෞඛ්‍ය ඇමතිවරයා හමුවේ ඇති අභියෝග සුළුපටු නැත. ඔහුට මේ සියල්ල ජය ගැනීමට හැකි වෙනු ඇතැයි ප්‍රායෝගිකව කල්පනා කිරීමට අපහසු වුවත් අනාගතයේ යම් කාලයකදී ලංකාවේ සෞඛ්‍යය නීරෝගී තැනකට ගොඩ නැගෙන්නේද අද ගන්නා පියවරයන් අනුවය. මේ සියලු‍ ක්ෂේත්‍රයන් මනාව කළමණාකරණය කොට පද්ධතියේම් වෙනසක් වෙනුවෙන් නව සෞඛ්‍ය’ප්‍රතිපත්තියක් ක්‍රමවේදයක් දක්වා පාර කැපීමට උත්සුක වන්‌නේ නම් එය මේ මොහොතේ සිදුවිය යුතුම යුගයේ කාර්යය භාර්යය වනු ඇත. ඒ අනුව මෙරට සෞඛ්‍ය පද්ධතිය නිවැරදිව සකස් වීම ඇමතිවරයාගේ සහ රජයේ දේශපාලන සෞඛ්‍යයටද රටේ ආර්ථික සෞඛ්‍යයටද උදක්ම මහෝපකාරී වනු ඇති බව සටහන් කොට තබමු.

කේ.පී.අයි.  ප්‍රියංගනී