පළාත් පාලන සුළු සේවකයන් 8435ක් ස්ථිරයි

පළාත් පාලන ආයතන වල තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන්ට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 

එම අනුමැතිය අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයටකට අනුව ලැබී තිබේ.

මින් දිවයින පුරා ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගරසභා වල සේවය කරන තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින 8435 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබෙනු ඇතැයි රජය පවසයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී එම සියලු පත්වීම්  ජූලි මාසය ඇතුලත ලිපි ලබා දෙන බව පැවසීය.