කොළඹ ගං වතුරට හේතුසාධක සොයයි

ජනාධිපති කාර්යාලයේ  පැවති සාකච්ඡාවlදී කොළඹ දිස්ත්‍රික්කයේ  ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හේතු වූ කරුණු සොයා බලා සියලු  ග්‍රාම නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි වාර්තා කැඳවන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති  ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේම්වරුන්ට උපදෙස් ලබා දෙන ලදි

එම වාර්තා අනුව මූලික වාර්තාවක් සකස් කර සති දෙකක් ඇතුලත  ජනාධිපති කාර්යාලය වෙත ලබා දෙන ලෙසද රත්නායක මහතා පැවසීය.

ඒ අනුව එම ගැටළු විසඳීම සඳහා අදාල ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර සැලසුම් සකස් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව ද රත්නායක  මහතා  මෙහි දී සඳහන් කළේය.